Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 43:6 - Sinhala Revised Old Version

6 කෙනෙක් ගෘහයේ සිට මට කථාකරනවා මට ඇසුණේය; මනුෂ්‍යයෙක්ද මා ළඟ සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මනුෂ්‍යයෙක් ද මා ළඟ සිටියේ ය. කෙනෙකු මාලිගාවේ සිට මට කතා කරනු මට ඇසිණි. ඒ හඬ මා අමතා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මනුෂ්‍යයෙක් ද මා ළඟ සිටියේ ය. කෙනෙකු මාලිගාවේ සිට මට කතා කරනු මට ඇසිණි. ඒ හඬ මා අමතා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 43:6
7 හුවමාරු යොමු  

උන්වහන්සේ මා එතනට පැමිණෙවු විට පිත්තලවල පෙනීම වැනි පෙනීමක් ඇති මනුෂ්‍යයෙක් තමාගේ අතේ හණ ලණුවක්ද මනින දණ්ඩක්ද ඇතුව දොරටුවෙහි සිටිනවා දුටිමි.


තවද: නුඹලා ගොස් දෙවියන්වහන්සේගේ උදහස නමැති පාත්‍රා සත පොළොවේ වගුරුවන්නැයි දේවදූතයන් සත්දෙනාට කියන මහත් හඬක් දේවමාළිගාවෙන් මට ඇසුණේය.


ඝෝෂා හඬක් නුවරින් පැමිණෙන්නේය, දේව මාළිගාවෙන් හඬක් පැමිණෙන්නේය; එය වනාහි තමන්ගේ සතුරන්ට ප්‍රතිඵලදෙන ස්වාමීන්වහන්සේගේ හඬය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට:


ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේය.


මම එහිදී නුඹට සම්මුඛව සාක්ෂි පෙට්ටිය මතුයෙහි සිටින කෙරුබිම් දෙදෙනා අතරේ කරුණාසනය උඩ සිට මා විසින් නුඹ ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා අණකරවන සියල්ල ගැන නුඹ සමඟ කථාකරන්නෙමි.


ඒක සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ පරම්පරාවල ඔප්පුකළ යුතු නිරන්තර දවන පූජාවක්ය. ඒ කූඩාරම වනාහි නුඹලා සමඟ කථාකරන පිණිස මා නුඹලාට සම්මුඛවන ස්ථානයය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්