Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 41:2 - Sinhala Revised Old Version

2 දොරකඩ පළල රියන් දසයක්ය; දොරකඩ එක පැත්තක් රියන් පහක්ය, අනික් පැත්තත් රියන් පහක්ය. ඔහු මාළිගාව මැන්නේය, ඒකේ දිග රියන් සතළිසක්ය, පළල රියන් විස්සක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 දොරකඩ පළල මීටර් පහක් විය. දොරකඩ එක පැත්තක කණු මීටර් දෙකහමාරක් පළල ය. ඔහු මාලිගාව මැන්නේ ය. එහි දිග මීටර් විස්සකි, පළල මීටර් දහයක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 දොරකඩ පළල මීටර් පහක් විය. දොරකඩ එක පැත්තක කණු මීටර් දෙකහමාරක් පළල ය. ඔහු මාලිගාව මැන්නේ ය. එහි දිග මීටර් විස්සකි, පළල මීටර් දහයක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 41:2
11 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමට සාලමොන් ලූ අත්තිවාරම මේය. පළමු තිබුණ රියන් මිම්මේ හැටියට දිග හැට රියනක්ය, පළල විසි රියනක්ය.


ඊට ඉදිරිපිටවූ ගෘහය එනම් මාලිගාව සතළිස් රියනක් දිගය.


සාලමොන් රජ ස්වාමීන්වහන්සේට ගොඩනැගූ ගෘහයේ දිග රියන් සැටක්ය, පළල රියන් විස්සක්ය, උස රියන් තිහක්ය.


දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද, ඔහු ආරක්ෂාකරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය.


ඒ නිසා යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–බැටළුවන්ගේ දොරකඩ මමය.


ද්වාරමණ්ඩපයේ දොරටුත් ඔව්හු වසා තබා, පහන් නිවා, ශුද්ධස්ථානයෙහි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට සුවඳ දුම්වත් දවන පූජාවත් ඔප්පු නොකළෝය.


ඔහු ගෘහයද බාල්කද උළුවහුද ඒකේ භිත්තිද දොරවල්ද ඇතුළුව රනින් වැසුවේය. භිත්තිවල කෙරූබ්-රූපද කැටයම්කළේය.


ඔහු කූඩාරමේ දොරකඩට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූල්වලින් කඩතුරාවක් විසිතුරුකර වියා


කූඩාරමේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ කඩතුරාවක් සාදන්න.


පසුව ඔහු මා ගෘහයේ දොරකඩ ළඟට නැවත පැමිණෙවුවේය; එවිට ගෘහයේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලායන බව දුටිමි, මක්නිසාද ගෘහයේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේය. ඒ වතුර ගෘහයට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් පහළින් ගලා ආවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්