Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 41:15 - Sinhala Revised Old Version

15 වෙන්වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටි පස්සෙන් තිබුණු ගොඩනැගිල්ලේ දිගද දෙපැත්තෙහි තිබුණු ඒකේ පිට-ශාලාද මැන්නේය, ඒවා රියන් සියයක්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 වෙන් වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටුපසින් තිබුණු ගොඩනැඟිල්ලේ දිග ද දෙපැත්තෙහි තිබුණු එහි පිට ශාලා ද මැන්නේ ය. ඒවා මීටර් පණහකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 වෙන් වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටුපසින් තිබුණු ගොඩනැඟිල්ලේ දිග ද දෙපැත්තෙහි තිබුණු එහි පිට ශාලා ද මැන්නේ ය. ඒවා මීටර් පණහකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 41:15
13 හුවමාරු යොමු  

ඇතුල් මළුවේ විසි රියනට ඉදිරිපිටත් පිට-මළුවේ ගල්-බිම ඉදිරිපිටත් පිට-ශාලාවක් ඉස්සරහ පිට-ශාලාවක් වශයෙන් මහල් තුනක් තිබුණේය.


තවද ඔහු උතුරු දෙසට පිට මළුවට මා ගෙනගොස්, වෙන්වූ මළුවටත් උතුරු දෙසට තිබුණු ගොඩනැගිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙවුවේය.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි.


ඔහු ඇතුල් ගෘහය මැන තීන්දුකළ විට නැගෙනහිර දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙනගොස් වටේටම ඒක මැන්නේය.


මක්නිසාද ඒ ගොඩනැගිල්ලේ පහළ සහ මැද කොට්ඨාසවලින් ඉඩ අසුවුණාට වඩා ඒවායෙන් පිට-ශාලාවලට ඉඩ අසුවිය.


දොරකඩට ඉහළින්ද ඇතුල් ගෘහය දක්වාද පිටතින්ද වටකරම ඇතුළ සහ පිට මුළු භිත්තියද මැන්නේය.


බස්නාහිර පැත්තෙහි වෙන්වූ මළුවට ඉදිරිපිට තිබුණු ගොඩනැගිල්ලේ පළල රියන් සැත්තෑවක්ය; ඒ ගොඩනැගිල්ලේ භිත්තියේ පළල වටකරම රියන් පහක්ය, ඒකේ දිග රියන් අනූවක්ය.


නුඹේ මතුයෙහි තිබෙන නුඹේ සිරස කර්මෙල් කන්ද මෙන්ය, නුඹේ හිසකේ රත්නිල් කෙඳි මෙන්ය; රජතෙමේ ඒ රොදවලින් වසඟවී සිටියි.


අපේ ගෙයි බාල්ක කිහිරි ගස්ය, අපේ පරාළ දේවදාර ගස්ය.


ඔහු ගෘහයත් මැන්නේය, එහි දිග රියන් සියයක්ය; වෙන්වූ මළුවේද එහි තිබුණු ගොඩනැගිල්ලේද ඒකේ භිත්තිවලද දිග රියන් සියයක්ය;


නැගෙනහිරට තිබුණු ගෙයි ඉස්සරහ පැත්තේද වෙන්වූ මළුවේද පළල රියන් සියයක්ය.


ඇතුල් මාළිගාවද මිදුලේ ශාලාද එළිපත්ද පටු කවුළුද මහල් තුනටම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට-ශාලාද තුනී ලෑලිවලින් වසා තිබුණේය, බිම සිට කවුළු දක්වාත් එසේම තිබුණේය; කවුළුත් වසා තිබුණේය;


නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලටම වෙන්වූ මළුවටත් ගොඩනැගිල්ලටත් ඉදිරිපිට කාමර තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්