Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 41:13 - Sinhala Revised Old Version

13 ඔහු ගෘහයත් මැන්නේය, එහි දිග රියන් සියයක්ය; වෙන්වූ මළුවේද එහි තිබුණු ගොඩනැගිල්ලේද ඒකේ භිත්තිවලද දිග රියන් සියයක්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔහු මාලිගාවත් මැන්නේ ය. එහි දිග මීටර් පණහක් ය, වෙන් වූ මළුවේ ද එහි තිබුණු ගොඩනැඟිල්ලේ ද එහි බිත්තිවල ද දිග මීටර් පණහක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔහු මාලිගාවත් මැන්නේ ය. එහි දිග මීටර් පණහක් ය, වෙන් වූ මළුවේ ද එහි තිබුණු ගොඩනැඟිල්ලේ ද එහි බිත්තිවල ද දිග මීටර් පණහක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 41:13
8 හුවමාරු යොමු  

එවිට ඔහු මළුව මැන්නේය, දිග රියන් සියයක්ය, පළල රියන් සියයක්ය, ඒක සතරැස්ව තිබුණේය; පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේය.


බස්නාහිර පැත්තෙහි වෙන්වූ මළුවට ඉදිරිපිට තිබුණු ගොඩනැගිල්ලේ පළල රියන් සැත්තෑවක්ය; ඒ ගොඩනැගිල්ලේ භිත්තියේ පළල වටකරම රියන් පහක්ය, ඒකේ දිග රියන් අනූවක්ය.


නැගෙනහිරට තිබුණු ගෙයි ඉස්සරහ පැත්තේද වෙන්වූ මළුවේද පළල රියන් සියයක්ය.


වෙන්වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටි පස්සෙන් තිබුණු ගොඩනැගිල්ලේ දිගද දෙපැත්තෙහි තිබුණු ඒකේ පිට-ශාලාද මැන්නේය, ඒවා රියන් සියයක්ය;


තවද ඔහු උතුරු දෙසට පිට මළුවට මා ගෙනගොස්, වෙන්වූ මළුවටත් උතුරු දෙසට තිබුණු ගොඩනැගිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙවුවේය.


උතුරු දොරකඩ රියන් සියයක් දිග ඉස්සරහ පිට තිබුණේය, පළලද රියන් පනහක්ය.


මක්නිසාද පිට-මළුවේ කාමරවල දිග රියන් පනහක්ය. නුමුත් මාළිගාව ඉදිරිපිට තිබුණු ඒවායේ දිග රියන් සියයක්ය.


නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලටම වෙන්වූ මළුවටත් ගොඩනැගිල්ලටත් ඉදිරිපිට කාමර තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්