Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 40:39 - Sinhala Revised Old Version

39 දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක්ද අනික් පැත්තෙහි මේස දෙකක්ද තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ දවන පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද මරන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තෙහි මේස දෙකක් ද තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද සඳහා සතුන් මරණ පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තෙහි මේස දෙකක් ද තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද සඳහා සතුන් මරණ පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:39
22 හුවමාරු යොමු  

අධිපතියාද දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් පිටතින් ඇතුල්වී, දොරටුවේ කණුව ළඟ සිටින්නේය, පූජකයෝ ඔහුගේ දවන පූජාවද ඔහුගේ ශාන්ති පූජාවද පිළියෙළකරන්නෝය, ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාරකොට පිටතටයන්නේය. නුමුත් සවස්වෙන තුරු දොරටුව නොවසා තිබිය යුතුය.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


මාගේ රාජ්‍යයෙහිදී මාගේ මේසයේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියමකරමි; නුඹලා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නහුය.


නුමුත් නුඹලා: ස්වාමීන්වහන්සේගේ මේසය පිළිකුල්ය, එහි ඵල එනම් එහි ආහාර නීචයයි කීමෙන් ඒ නාමය කෙලසන්නහුය.


මාගේ පූජාසනය පිට අපවිත්‍ර ආහාර ඔප්පුකිරීමෙන්ය. එහෙත්; අපි කුමකින් ඔබ අපවිත්‍රකෙළෙමුදැයි නුඹලා අසන්නහුය. ස්වාමීන්වහන්සේගේ මේසය සුළුයයි නුඹලා විසින් කීමෙන්ය.


ඔවුන්ට නම් මාගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙන්ටත් මට සේවයකිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්ටත් මාගේ සේවය පවත්වන්ටත් පුළුවන.


එවිට ඔහු මට කථාකොට: වෙන්වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමරද දකුණු කාමරද ශුද්ධ කාමර වෙත්, එහි ස්වාමීන්වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අති ශුද්ධ දේවල් කන්නෝය. එහි ඔව්හු අති ශුද්ධ දේවල්ද ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද තබන්නෝය; මක්නිසාද ඒ ස්ථානය ශුද්ධය.


පූජාසනය ලී පූජාසනයක්ය, උස රියන් තුනක්ය, ඒකේ දිග දෙරියනක්ය; ඒකේ කොන්ද ඒකේ අඩියද ඒකේ පැතිද ලීවලින්ය. එවිට ඔහු: මෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසයයයි මට කීය.


රියන් එකහමාරක් දිගද රියන් එකහමාරක් පළලද රියනක් උසද ඇති කැපූ ගල් මේස හතරකුත් තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ දවන පූජාවල්ද වෙනත් පූජාවල්ද මරන්ට පාවිච්චිකරන ආවුද තැබීමටය.


එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.


නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.


ඔහු නුඹ විසින් නියම කරන ගණනේ හැටියට බැටළු රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේට අපරාධ පූජාවක් පිණිස පූජකයා වෙතට ගෙනෙන්ට ඕනෑය.


උතුරු දොරකඩට නගින තැන, පිට පැත්තෙහි මේස දෙකක්ද දොරටුවේ ශාලාවේ අනික් පැත්තෙහි මේස දෙකක්ද තිබුණේය.


දොරටුවේ එක පැත්තක මේස හතරක්ද අනික් පැත්තෙහි මේස හතරක්ද බැගින් මේස අටක් තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ සතුන් මරන පිණිසය.


යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,


සැබවින් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වරදකාරයෙක්යයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්