Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 40:36 - Sinhala Revised Old Version

36 ඒක සහ ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද මැන්නේය; වටකරම ඊට කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 එය සහ එහි මුර ගෙවල් ද එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. වටකර ඊට කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 එය සහ එහි මුර ගෙවල් ද එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. වටකර ඊට කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:36
5 හුවමාරු යොමු  

ජනේල තට්ටු තුනක් තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය.


ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම්කර) තිබුණේය.


ඒකේ එක පැත්තක මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒකේ කණුද ඒකේ ශාලාද පළමුවෙනි දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය. ඒකේ දිග පනස් රියනක්ය, ඒකේ පළල විසිපස් රියනක්ය.


ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේය. වටකරම ඒකටත් ඒකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.


එක එක කාමරයේ දිග එක දණ්ඩක්ය, පළලත් දණ්ඩක්ය; කාමර අතරේ පස්රියනක් තිබුණේය; ගෘහය දෙස දොරටුවේ ශාලාව ළඟ තිබුණු දොරටුවේ එළිපත්ත එක දණ්ඩක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්