Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 40:17 - Sinhala Revised Old Version

17 එවිට ඔහු පිට-මළුවට මා ගෙනාවේය, ඒ මළුවට කාමර සාදා වටකර ගල් අල්ලා තිබුණේය. ඒ ගල්-බිම පිට කාමර තිහක් තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:17
22 හුවමාරු යොමු  

මාළිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍යජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමැන අත්හරින්න. ඔව්හු ශුද්ධවූ නුවර සතළිස් දෙමාසයක් පයින් පාගාදමන්නෝය.


තවද ඔහු උතුරු දෙසට පිට මළුවට මා ගෙනගොස්, වෙන්වූ මළුවටත් උතුරු දෙසට තිබුණු ගොඩනැගිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙවුවේය.


එවිට ඔහු පිට-මළුවට මා පමුණුවා, මළුවේ මුලු හතර ළඟින් මා ගෙනගියේය; එවිට මළුවේ එක එක මුල්ලෙහි මළුවක් තිබෙන බව දුටිමි.


විසිපන්දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් ගෘහයේ සේවකයන්වූ ලෙවීවරුන්ට උරුමයක් පිණිස කාමර විස්සක් ඇතුළුව වේවා.


කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දයද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ කථාකරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේය.


එකල හෙසකියා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඇතුල්ගෙවල් පිළියෙළකරන්ට අණකෙළේය; ඔව්හු එසේ පිළියෙළකොට,


මක්නිසාද ඔවුන්ගේ තනතුර නම් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාරකිරීමය. එනම්: මිදුල්ද ඇතුල් ගෙවල්ද සියලු ශුද්ධ දේවල් පවිත්‍රකිරීමද දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයේ වැඩද


මක්නිසාද ඒ ලෙවීවරු වන ප්‍රධාන දොරටුපාලයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඇතුල් ගෙවල්ද ගබඩාවල්ද බලාගත්තෝය.


කාමර ඉස්සරහ රියන් දහයක් පළල ඇති මාර්ගයක්ද ඇතුළට යාමට එක රියනක් පළල ඇති පාරක්ද තිබුණේය. ඒවායේ දොරකඩවල් උතුරු දෙසට තිබුණේය. ඉහළ කාමර කොටව තිබුණේය.


ඒ කාමර, කාමරයක් පිට කාමරයක් වශයෙන් තුනක්ද පේළියට තිහක්ද බැගින් තිබුණේය; කාමර වනාහි ගෘහයේ භිත්තියට අල්ලන්නේ නැතුව, ඒවා අල්ලා තිබීම පිණිස වටකරම ගෘහයට තිබුණු භිත්තියට වැදී තිබුණේය.


දොරටුවල කණු ළඟ කාමරයක්ද ඒකේ දොරකඩක්ද තිබුණේය; එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිසය.


යූදාහි රජුන් විසින් සූර්යයාට කැපකළ අශ්වයන් ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහට ඇතුල්වෙන තැනින් අහක්කොට උප නගරයෙහි සිටි ඇමතියාවූ නාතන්-මෙලෙක්ගේ ගෙට ඇරියේය; සූර්ය රථද ගින්නෙන් පුලුස්සාදැමුවේය.


ඔහු මාලිගාවත් දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකරින් ගෘහයේ භිත්ති වටේට ගෘහයේ භිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය.


දොරටු පැත්තට තිබුණු දොරටුවල දිග ගල්-බිම ප්‍රමාණයට තිබුණේය, ඒක පහළ ගල්-බිමය.


ඇතුල් දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුල් මළුවේ ගී කියන්නන්ගේ කාමර තිබුණේය; ඒවා දකුණු දෙසට තිබුණේය. පෙරදිග දොර ළඟ එකක් උතුරු දිගට තිබුණේය.


ඔහුද: ඉස්සරහ පැත්ත දකුණු දෙසට තිබෙන මේ කාමරය ගෘහයේ සේවය පවත්වන පූජකයන්ටත්,


ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත්ය. ඔව්හු වනාහි ස්වාමීන්වහන්සේට සේවය කරන්ට උන්වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන්වූ ශාදොක්ගේ පුත්‍රයෝයයි මට කීවේය.


ඒවාටත් මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින්ම විසි රියනක් පළල ඇති ඉඩමක් තිබුණේය.


ඇතුල් මළුවේ විසි රියනට ඉදිරිපිටත් පිට-මළුවේ ගල්-බිම ඉදිරිපිටත් පිට-ශාලාවක් ඉස්සරහ පිට-ශාලාවක් වශයෙන් මහල් තුනක් තිබුණේය.


නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලටම වෙන්වූ මළුවටත් ගොඩනැගිල්ලටත් ඉදිරිපිට කාමර තිබුණේය.


එවිට ඔහු නැගෙනහිරට තිබෙන ශුද්ධස්ථානයේ දොරටුව දෙසට යන මාර්ගයෙන් මා නැවත ගෙනගියේය; නුමුත් ඒක වසා තිබුණේය.


මණ්ඩපයේ මළුවද සාදන්න. දකුණු පැත්තේ දකුණු දෙසට කටිනලද සිහින් හණ නූලින් කළ එක පැත්තට රියන් සියයක් දික්වූ තිර මළුවට විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්