Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 4:1 - Sinhala Revised Old Version

1 තවද මනුෂ්‍ය පුත්‍රය, පැතලි ගඩොළක් ගෙන ඒක නුඹ ඉදිරියෙහි තබාගන නුවරක්, එනම් යෙරුසලම, ඒකේ සිතියම් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, ගඩොලක් ගෙන එය නුඹ ඉදිරියෙහි තබාගෙන නුවරක් එනම්, ජෙරුසලම් නුවර සටහනක් අඳින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, ගඩොලක් ගෙන එය නුඹ ඉදිරියෙහි තබාගෙන නුවරක් එනම්, ජෙරුසලම් නුවර සටහනක් අඳින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 4:1
17 හුවමාරු යොමු  

පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම් නිසා නුඹලාට දඬුවම්කරන්නෙමි.


ඇරත් මම ප්‍රොපේතවරුන්ට කථාකොට, මමම බොහෝ දර්ශන පෙන්වා, ප්‍රොපේතවරුන් කරණකොටගෙන උපමා භාවිතාකෙළෙමි.


මක්නිසාද මේ නුවර මා ඉදිරියෙන් පහකරවන හැටියට ඒක ගොඩනැගූ දා පටන් අද දක්වා මාගේ උදහසත් මාගේ කෝපයත් ඉපදවීමට හේතුවක්ව තිබුණේය.


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ගස් කපා, යෙරුසලමට විරුද්ධව ගොඩැල්ලක් නගන්න. දඬුවම් ලැබිය යුතු නුවර මේකය; එහි තුළ තිබෙන්නේ බලාත්කාරකමමය.


මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජුගේ කඩුව එන්ට මාර්ග දෙකක් නියමකරගන්න; ඒ දෙකම එක දේශයකින් පැමිණෙන්නේය. අත් ලකුණක් තබන්න, නුවරට පැමිණෙන මාර්ග සන්ධියෙහි ඒක පිහිටුවන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්