Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 39:4 - Sinhala Revised Old Version

4 ඉශ්‍රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු සමුදාවල්ද නුඹ සමඟ සිටින ජනයන්ද වැටෙනවා ඇත. සියලු ආකාර ගිජු පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඉශ්රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු හමුදා ද නුඹ සමඟ සිටින ජනයන් ද වැටෙනු ඇත. සියලු ආකාර ගොදුරුවලට ගිජු පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඉශ්රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු හමුදා ද නුඹ සමඟ සිටින ජනයන් ද වැටෙනු ඇත. සියලු ආකාර ගොදුරුවලට ගිජු පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 39:4
14 හුවමාරු යොමු  

ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මා ජීවමාන බව සැබෑවා සේම, පාළු ඉඩම්වල සිටින්නෝ කඩුවෙන් වැටෙන්නෝය, කෙතේ පිටත සිටින අය මෘගයන්ට කෑම පිණිස දෙන්නෙමි, බලකොටුවලද ගුහාවලද සිටින්නෝ වසංගතයෙන් නසින්නෝය


මාගේ සියලු කඳු පිට ඔහුට විරුද්ධව පැමිණෙන්ට කඩුවට අඬගසන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එක එක මනුෂ්‍යයාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධව වන්නේය.


මම නුඹ සහ නුඹේ ගංගාවල සියලු මත්ස්‍යයන්ද කාන්තාරයෙහි හෙළා දමන්නෙමි. නුඹ පොළොව මතුපිට වැටී ඇහිඳිනු නොලබන්නෙහිය. නුඹ පොළොවේ මෘගයන්ටද ආකාශයේ පක්ෂීන්ටද කෑම පිණිස දුනිමි.


මම සතර වර්ගයක්, එනම් මරා දමන්ට කඩුවද ඉරන්ට බල්ලන්ද කාදමා නැතිකරන්ට අහසේ පක්ෂීන් හා පොළොවේ මෘගයන්ද, ඔවුන් කෙරෙහි නියමකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


සේනාවල ස්වාමීන්වහන්සේ දිවුරා කථාකොට: මා යෝජනාකළ ලෙසම සිදුවන්නේය; මා අදහස්කළ ලෙසම ස්ථිරවන්නේය.


එනම්, මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේයයි කීසේක.


ස්වාමීන්වහන්සේගෙන් මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.


මැරුම්කන ඔහුගේ අයගෙන් ඔහුගේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වලද නුඹේ මිටියාවත්වලද නුඹේ සියලු දෙණිවලද කඩුවෙන් මැරුම්කන අය වැටෙනවා ඇත.


නුඹ පොළොව මතුපිට වැටෙනවා ඇත. මක්නිසාද මම එය කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


අසරුවෝ නගිති, කඩුව දිලිහෙන්නේය, හෙල්ලයද බැබළෙන්නේය; සමූහයක් මැරුම්කන්නේය, මළකඳන් ගොඩගැසී තිබේ. මළකඳන් නිමක් නැත; ඔවුන්ගේ මළකඳන්වල හැපී ඔව්හු පැකිලෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්