Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 39:12 - Sinhala Revised Old Version

12 ඉශ්‍රායෙල් වංශයද දේශය පිරිසිදුකරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඉශ්රායෙල් සෙනඟ සිය දේශය පිරිසිදු කරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඉශ්රායෙල් සෙනඟ සිය දේශය පිරිසිදු කරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 39:12
7 හුවමාරු යොමු  

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන දේශය නුඹ විසින් අපවිත්‍රකරනු නොලබන පිණිස ඔහුගේ මළකඳ රාත්‍රියෙහි ගසේ තිබෙන්ට නෑර, එය එම මුළු දවසේදීම තැන්පත්කරන්න; මක්නිසාද එල්ලනු ලබන තැනැත්තේ දෙවියන්වහන්සේගෙන් ශාප ලද්දෙක්ය.


තවද ඔව්හු දේශය පිරිසිදුකිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින්, දේශය මතුපිට ඉතුරුවෙන ඒ ගමන් යන්නන් වැළලීමෙහි නිතරම යෙදී සිටීමට මනුෂ්‍යයන් තෝරාගන්නෝය. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝය.


තවද නුවරක නමත් හාමොනා වන්නේය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනවා ඇත.


කඩුවෙන් මැරුම්කෑ කෙනෙකුටවත් මළකඳකවත් මිනී ඇටයකවත් මිනී වළකවත් එළිමහනේදී ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍ර වන්නේය.


තවද ඒ කාලයේදී මම එහි ඉඩමක්වන මිනීවළක් ඉශ්‍රායෙල් දේශයෙහි ගොග්ට දෙන්නෙමි; එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන ගමන්යන්නන්ගේ මිටියාවතය. එය ඒ ගමන්යන්නන් නවත්වනවා ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහයාද වළලා, ඊට හාමොන්-ගොග්යයි නම් තබන්නෝය.


යම් මනුෂ්‍යයෙකුගේ මළකඳක ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍රව සිටින්නේය.


මනුෂ්‍යයෙක් කූඩාරමක මැරුණු කල්හි ව්‍යවස්ථාව මේය: ඒ කූඩාරමට ඇතුල්වන සියල්ලෝද කූඩාරමේ සිටින සියල්ලෝද සත් දවසක් අපවිත්‍රව සිටින්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්