Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 39:1 - Sinhala Revised Old Version

1 තවද මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. බලව, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග් රජුට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. ‘බලන්න, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග් රජු වන නුඹට මම විරුද්ධ ව සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග් රජුට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. ‘බලන්න, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග් රජු වන නුඹට මම විරුද්ධ ව සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 39:1
12 හුවමාරු යොමු  

අහෝ, මෙෂෙක්හි විදේශීව සිටීමද කේදාර්හි කූඩාරම් අතරේ වාසය කිරීමද මට දුකක්ය.


ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ උසස්ථානයෙහි සිටින උත්තමයන්ගේ සේනාවටත් පොළොවේ සිටින පොළොවේ රජවරුන්ටත් දඬුවම්කරනසේක.


යාවාන්ද තූබල්ද මෙෂෙක්ද නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ මනුෂ්‍ය ප්‍රාණද පිත්තල බඩුද වෙළඳාම්කළෝය.


එහි මෙෂෙක්ද තූබල්ද ඇගේ මුළු සමූහයාද සිටිති; ඇගේ මිනීවළවල් ඈ වටකර ඇත්තේය. ඔවුන් සියල්ලෝම අචර්මඡේදිතව කඩුවෙන් මැරුම්කෑවෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු භීතිය ඉපදෙවූවෝය.


මෙසේ කියන්න–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා සේයිර් කන්ද, බලව, මම නුඹට විරුද්ධව සිට, මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, නුඹ පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි.


ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


මම නුඹ හරවා, නුඹ ඇද, උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනැවිත්,


ඒ කාලයේදී මම ඔවුන් උදෙසා වනයේ මෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද භූමියේ බඩගායන සතුන්ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. දුන්නද කඩුවද යුද්ධයද දේශයෙන් නැතිකරදමා, ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි.


බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; ඇගේ රථ දවා දුම් කරන්නෙමි, කඩුවද නුඹේ තරුණ සිංහයන් කාදමන්නේය. මම නුඹේ ගොදුර පොළෝතලයෙන් සිඳදමන්නෙමි, නුඹේ පණිවිඩකාරයන්ගේ හඬ තවත් නෑසෙන්නේය.


බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මම නුඹේ කඩ නුඹේ මුහුණ පිට හෙළා, ජාතීන්ට නුඹේ නග්නකමද රාජ්‍යවලට නුඹේ ලජ්ජාවද පෙන්වන්නෙමි.


පොළොවේ සතර කොනේ සිටින්නාවූ ගොග් මාගොග් යන ජාතීන් මුළාකරන්ටත් ඔවුන් යුද්ධයට රැස්කරන්ටත් නික්ම එන්නේය. ඔවුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්