Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 37:11 - Sinhala Revised Old Version

11 එවිට උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට නම් මුළු ඉශ්‍රායෙල් වංශයය. අපේ ඇට වියළී අපේ බලාපොරොත්තුව නැතිවී තිබේ; අපි සහමුලින්ම සිඳදමනු ලැබීමුයයි ඔව්හු කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එවිට උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටු වනාහි මුළු ඉශ්රායෙල් වංශය ය. ‘අපේ ඇටකටු වියළී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහමුලින් ම සිඳ දමනු ලැබීමු’යි ඔව්හු කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටු වනාහි මුළු ඉශ්රායෙල් වංශය ය. ‘අපේ ඇටකටු වියළී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහමුලින් ම සිඳ දමනු ලැබීමු’යි ඔව්හු කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 37:11
25 හුවමාරු යොමු  

නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත්කළසේක.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වහල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි.


මම නුඹලා පිට මනුෂ්‍යයන්, එනම් මුළු ඉශ්‍රායෙල් වංශයම, වැඩිකරන්නෙමි. නුවරවල් ජනගහනය වෙනවා ඇත, පාළු තැන්ද ගොඩනගනු ලබනවා ඇත.


ඒ කාලයෙහි මම සියලුම ඉශ්‍රායෙල් පවුල්වල දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් සියොන්: යෙහෝවඃවහන්සේ මා අත්හැරියසේක, ස්වාමීන්වහන්සේ මා මතකනැතිකළසේකැයි කීවාය.


යූදා පුත්‍රයෝද ඉශ්‍රායෙල් පුත්‍රයෝද එක්ව රැස්වී, තමුන්ට එක ප්‍රධානියෙකු පත්කරගන, (වහල්කමේ) දේශයේ සිට නැගී එන්නෝය. මක්නිසාද යෙස්‍රෙයෙල්හි දවස මහත් වන්නේය.


වහන් නැතුව නොතිබෙන හැටියට නුඹේ පාදද පිපාස නොවන හැටියට නුඹේ උගුරද ආරක්ෂාකර ගන්න. නුමුත් නුඹ: ඒක නිෂ්ඵලය, එසේ නොව මම අන්‍යයන්ට ආදරේවීමි, ඔවුන් පස්සේද යන්නෙමියි කීවෙහිය.


පොළොව හාලා පෙරළන කල්හි මෙන් අපේ ඇට මිනීවළේ කට ළඟ ඉසිරී තිබේ.


මේ ආකාරයෙන් මුළු ඉශ්‍රායෙල් ගළවනු ලබන්නේය. ඒ හැටියට, සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ එනසේක; උන්වහන්සේ යාකොබ්ගෙන් අභක්තිය දුරුකරනසේක.


නුඹ ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, එප්‍රායිම්ගේ අතේ තිබෙන යෝසෙප්ගේ ලීයද ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් ගෝත්‍රද මා විසින් රැගෙන, ඒවා ඒකට, එනම් යූදාගේ ලීයට තබා, ඒවා මාගේ අතේ එකක් වෙන ලෙස ඒවා එක ලීයක් කරන්නෙමියි කියන්න.


නුඹ එක ලීයක් රැගෙන–යූදාටත් ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් පුත්‍රන්ටත්ය කියා ඒක පිට ලියා, තව ලීයක් රැගෙන–යෝසෙප්ට අයිති එප්‍රායිම්ගේද ඔහුගේ සමාගම්කාරයන් වන මුළු ඉශ්‍රායෙල් වංශයේද ලීයය කියා ඒක පිට ලියා,


වතුරු මාගේ හිසට උඩින් ගලා ගියේය; මම සිඳදමනු ලැබීමියි කීවෙමි.


මාගේ මාර්ගය ස්වාමීන්වහන්සේගෙන් සැඟවී තිබේය කියාත් මාගේ විනිශ්චය මාගේ දෙවියන්වහන්සේ වෙතින් පහවේය කියාත් එම්බා යාකොබ්, නුඹ කියන්නෙත් එම්බා ඉශ්‍රායෙල්, නුඹ කථාකරන්නෙත් මක්නිසාද?


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්,


ඔබ විසින් තවත් සිහිනොකරන්නාවූ, ඔබගේ අත කෙරෙන් පහව ගියාවූ, මරනාලදුව මිනීවළේ නිදනවුන් මෙන්, මළවුන් අතරේ හරිනාලද්දෙමි.


ඔබගේ තද උදහස මා මතුයෙන් ගියේය; ඔබගෙන් පැමිණෙන භීති මා සිඳදැම්මේය.


මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව ඒක පාළුවක් වී කල්දිවරුන් අතට දී තිබේයයි නුඹලා කියන මේ දේශයෙහි කෙත් මිලේට ගනු ලබන්නේය.


මාගේ සවියත් ස්වාමීන්වහන්සේ කෙරෙන් මාගේ බලාපොරොත්තුවත් නැතිවී ගියේයයි කීමි.


තවද මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න: නුඹලා කථාකොට–අපේ වරද සහ අපේ පාපද අප කෙරෙහි තිබී අප එයින් ක්ෂයවී යද්දී අප ජීවත්වන්නේ කොහොමදැයි කියා නුඹලා කියන එක හරිය.


එසේ නම් මාගේ බලාපොරොත්තුව කොතැනද? මාගේ බලාපොරොත්තුව පෙනෙන්නේ කාටද?


ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රේමකරව්. ස්වාමීන්වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂාකරනසේක, උඩඟුලෙස ක්‍රියාකරන්නාට බොහෝසෙයින් ප්‍රතිඵලදෙනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්