Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:8 - Sinhala Revised Old Version

8 නුමුත්, එම්බා ඉශ්‍රායෙල් කඳු, නුඹලා වනාහි නුඹලාගේ අතු ලියලවා, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නුඹලාගේ ඵල දරාදෙනවා ඇත; ඔවුන් එන්ට ළඟය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 “එහෙත් එම්බා ඉශ්රායෙල් කඳු! නුඹලා මත ඇති ගස්වල දලු ලියලා මාගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා පල දරා දෙනු ඇත; ඔවුන් ආපසු එන්න ළඟ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “එහෙත් එම්බා ඉශ්රායෙල් කඳු! නුඹලා මත ඇති ගස්වල දලු ලියලා මාගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා පල දරා දෙනු ඇත; ඔවුන් ආපසු එන්න ළඟ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:8
17 හුවමාරු යොමු  

මතු පැමිණෙන දවස්වල යාකොබ් මුල් අදින්නේය; ඉශ්‍රායෙල් මල්ගෙන දළුලන්නේය. ඔවුන් පොළෝතලය ඵලයෙන් පුරවනවා ඇත.


මක්නිසාද එන්නාවූ තැනන්වහන්සේ ප්‍රමාද නොවී, තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක.


නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක.


මම එය උස්වූ ඉශ්‍රායෙල් කන්ද උඩ හිටවන්නෙමි. එයද අතු ලියලා, ඵල හටගෙන, උතුම් කිහිරි ගසක් වන්නේය. සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු ඒ යට ලගින්නෝය; එහි අතුවල සෙවණේ උන් ලගින්නෝය.


මක්නිසාද මම ස්වාමීන්වහන්සේය; මම කියන දේ කියන්නෙමි, එය තවත් පමා නොවී ඉෂ්ටවන්නේය. එසේය, එම්බා කැරළිකාර වංශය, මම නුඹලාගේ දවස්වලදීම වචනයක් කියා ඒක ඉෂ්ටකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


උන්වහන්සේද නුඹ පොළොවෙහි වපුරන නුඹේ බීජවලට වර්ෂාවද බිමේ අස්වැන්නෙන් කෑමද දෙනසේක, එය සාරවත්ව වර්ධනයවන්නේය. ඒ දවසෙහි නුඹේ සිව්පාවෝ විශාල ගොදුරු බිම්වල තෘණ කන්නෝය.


ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්ට ඒ දවසේ ස්වාමීන්වහන්සේගේ පැළෑටියද අලංකාරව දීප්තිමත් වන්නේය, දේශයේ ඵල උතුම්ව ශෝභන වන්නේය.


එසේය, ස්වාමීන්වහන්සේ යහපත් දේ දෙනසේක; අපේ දේශයද එහි ඵල දෙන්නේය.


පොළොව ස්වකීය වර්ධනය දී තිබේ. දෙවියන්වහන්සේ, එනම් අපේම දෙවියන්වහන්සේ, අපට ආශීර්වාද කරනසේක.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අවට සිටින ජාතීන්ම තමුන්ගේ නින්දාව දරනවා ඇත කියා දිවිරීමට මමම මාගේ අත එසෙවුවෙමි.


මම යාකොබ්ගෙන් වංශයක්ද යූදාගෙන් මගේ කඳුවල උරුමක්කාරයෙක්ද නැගුටුවන්නෙමි. මාගේ තෝරාගත් අය ඒක උරුම කරගන්නවා ඇත, මාගේ මෙහෙකරුවන්ද එහි වසනවා ඇත.


වනයේ මෘගයෙනි, භය නොවව්; මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම්වල තෘණ අටගනියි, ගස්ද ඵලදෙයි, අත්තික්කා ගසද මිදි වැලද ඒවායේ ස්වරසය දෙති.


එවිට කමත් ධාන්‍යවලින් පිරෙනවා ඇත. මිදියුසද තෙල්ද පැස්වලින් ඉතිරෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්