Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:4 - Sinhala Revised Old Version

4 ඉශ්‍රායෙල් කඳු, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත් අවට ඉතිරිව සිටින ජාතීන්ට කොල්ලයක්ව කවටකමක්ව තිබෙන්නාවූ පාළුවූ නාස්ති ඉඩම්වලටත් අත්හැරී තිබෙන නුවරවලටත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එබැවින් එම්බා ඉශ්රායෙල් කඳු! දෙවි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත්, හෙල්වලටත්, දෙණිවලටත්, මිටියාවත්වලටත්, අවට ඉතිරි ව සිටින ජාතීන්ට කොල්ලයක් ව කවටකමක් ව තිබෙන පාළු වූ නාස්ති වූ ඉඩම්වලටත්, ජනහීන ව තිබෙන නුවරවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එබැවින් එම්බා ඉශ්රායෙල් කඳු! දෙවි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත්, හෙල්වලටත්, දෙණිවලටත්, මිටියාවත්වලටත්, අවට ඉතිරි ව සිටින ජාතීන්ට කොල්ලයක් ව කවටකමක් ව තිබෙන පාළු වූ නාස්ති වූ ඉඩම්වලටත්, ජනහීන ව තිබෙන නුවරවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:4
15 හුවමාරු යොමු  

ජාතීන්ට තවත් ඔව්හු කොල්ලයක් නොවන්නෝය, පොළොවේ මෘගයෝ උන් නොකන්නෝය; කිසිවෙක් ඔවුන් භයගන්වන්නේ නැතුව, ඔව්හු සුවසේ වාසයකරන්නෝය.


නුමුත් නුඹලා විසින් හිමිකරගැනීමට එතරව යන දේශය හෙල්වලින් හා මිටියාවත්වලින් යුක්තවූ, අහසෙන් වෑස්සෙන වතුර උරාගන්නාවූ දේශයක්ය;


එබැවින් ඉශ්‍රායෙල් රට ගැන අනාගතවාක්‍ය කියමින්, කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න–බලව, නුඹලා ජාතීන්ගේ නින්දාව දැරු නිසා මාගේ ජ්වලිතයෙන්ද මාගේ උදහසින්ද මම කථාකෙළෙමි.


තවද මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්‍රායෙල් කඳුවලට අනාගතවාක්‍ය කියමින් මෙසේ කියන්න: ඉශ්‍රායෙල් කඳු, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව.


මම ඔවුන්ට විරුද්ධව මාගේ අත දිගුකොට, කාන්තාරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන මුළුල්ලෙහි දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


එම්බා ඉශ්‍රායෙල් කඳු, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න. කඳු‍වලටත් හෙල්වලටත් දියපාරවලටත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම, මමම, නුඹලා පිටට කඩුවක් පමුණුවා, නුඹලාගේ උස්තැන් නැතිකරන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි.


එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම, එඬේරෙක් නැතුව මාගේ බැටළුවන් ගොදුරු වෙන්ටත් බැද්දේ සියලු මෘගයන්ට මාගේ බැටළුවන් කෑම වෙන්ටත් යෙදුණු නිසාද මාගේ එඬේරුන් මාගේ බැටළුවන් ගැන විභාගකරන්නේවත් මාගේ බැටළුවන් පෝෂ්‍යකරන්නේවත් නැතුව තමුන්ම පෝෂ්‍යකරගත් නිසාද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්