Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:38 - Sinhala Revised Old Version

38 පූජාකිරීමට කැපකළ බැටළු රැළ මෙන්, යෙරුසලමේ මංගල්‍යවලදී එහි සිටින බැටළු රැළ මෙන්, පාළු නුවරවල් මනුෂ්‍ය රැළවලින් පිරෙනවා ඇත. ඔවුන්ද මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීය. මෙය කරන්නේ ඉශ්‍රායෙල් නිසා නොව ස්වාමීන්වහන්සේගේ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 පූජා කිරීමට කැප කළ බැටළු රැළ මෙන්, ජෙරුසලමේ නියමිත මංගල්‍යවල දී එහි සිටින බැටළු රැළ මෙන්, පාළු නගර ජන සමූහයෙන් පිරෙනු ඇත. ඔවුන් ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 පූජා කිරීමට කැප කළ බැටළු රැළ මෙන්, ජෙරුසලමේ නියමිත මංගල්‍යවල දී එහි සිටින බැටළු රැළ මෙන්, පාළු නගර ජන සමූහයෙන් පිරෙනු ඇත. ඔවුන් ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:38
23 හුවමාරු යොමු  

තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.


සාලමොන් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ ශාන්ති පූජා සඳහා ඔහු ගොනුන් විසිදෙදහක්ද බැටළුවන් එක් ලක්ෂ විසිදහසක්ද පුදකෙළේය. මෙසේ රජද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේගේ ගෘහය කැපකළෝය.


මාගේ බැටළුවෝ වන මාගේ ගොදුරු බිමේ බැටළුවෝවූ නුඹලා වනාහි මනුෂ්‍යයෝය, මම නුඹලාගේ දෙවියන්වහන්සේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


ඒවායින් ස්තුති කිරීමද සන්තෝෂවන්නන්ගේ හඬද නික්මෙන්නේය. මම ඔවුන් ස්වල්පව නොසිටින හැටියට ඔවුන් වැඩිකර, ඔවුන් සුළුව නොසිටින හැටියට ඔවුන්ට ගෞරවකරන්නෙමි.


මෙසේ ඒ කාලයේදී සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද හමාත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා සිට ආවාවූ ඉතාමහත් සමූහයක්ද මංගල්‍යය පැවැත්තුවෝය.


අවුරුද්දට තුන් වරක් එනම් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද නුඹේ සියලු පිරිමි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය. ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිස් අතින් නොපෙනී,


නුඹේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඕනෑය.


නුඹේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිය යුතුය.


එවිට දේවමාළිගාවෙහි ගවයන් බැටළුවන් හා පරෙවියන් විකුණන්නන්ද මිල මාරුකරන්නන්ද වාඩිව ඉන්නවා දැක,


ඒ නිසා යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–බැටළුවන්ගේ දොරකඩ මමය.


දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද, ඔහු ආරක්ෂාකරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය.


දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?


ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.


මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැතිකරන්නාවූ විසුරුවාදමන්නාවූ එඬේරුන්ට දුක්වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙය ඉශ්‍රායෙල් වංශයට කරන ලෙස මම ඔවුන්ගේ ඉල්ලීමට තව දුරටත් ඇහුම්කන්දෙන්නෙමි; රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.


නුමුත් දේශයේ සෙනඟ නියම කාලවලදී ස්වාමීන්වහන්සේ ඉදිරියට ඇතුල්වෙන කල නමස්කාර කරන්ට උතුරු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය දකුණු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය; දකුණු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය. කවුරු නුමුත් ඇතුල්වෙන දොරටුවේ මාර්ගයෙන් හැරී නොගොස් ඊට ඉදිරිපිටින් පිටතට යා යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්