Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:31 - Sinhala Revised Old Version

31 නුඹලාද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ අයුතුකම්ද නුඹලාගේ පිළිකුල්කම්ද නිසා නුඹලාටම පිළිකුල්කරන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 නුඹලා ද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ පව් ද නුඹලාගේ පිළිකුල් ක්‍රියා ද නිසා නුඹලා ම පිළිකුල් කරගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 නුඹලා ද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ පව් ද නුඹලාගේ පිළිකුල් ක්‍රියා ද නිසා නුඹලා ම පිළිකුල් කරගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:31
17 හුවමාරු යොමු  

එහිදී නුඹලාගේ සියලු මාර්ගද නුඹලාම අපවිත්‍රකරගත්තාවූ නුඹලාගේ සියලු ක්‍රියාද නුඹලා සිහිකොට, නුඹලා කළාවූ නුඹලාගේ සියලුම නපුරුකම් නිසා නුඹලාටම පිළිකුල්කරන්නහුය.


නුඹලාගෙන් ඉතිරි වෙන අය මා වෙතින් අහක්ව ගියාවූ ඔවුන්ගේ වේශ්‍යා සිත්ද තමුන්ගේ දේව රූප පස්සේ වේශ්‍යාකමින් යන ඔවුන්ගේ ඇස්ද මා විසින් බිඳදැම්මාම, ඔවුන් වාලට ගෙනයන ජාතීන් අතරේදී මා සිහිකොට, තමුන්ගේ සියලු පිළිකුල් ක්‍රියාවලින් තමුන් කළාවූ නපුරුකම් නිසා තමුන්ටම පිළිකුල්කරන්නෝය.


එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.


එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.


ඉඳින් නුඹලා දැන් යම් දෙයකට ලජ්ජාව සිටිවුද, එකල්හි ඒ දෙයින් කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙළවර නම් මරණයය.


නුමුත් සුංගම් අයකරන්නා දුරින් සිට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා බලන්ටවත් නොසිතා, තමාගේ ළැපැත්තට ගසාගනිමින්: දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනවයි කීවේය.


නුඹලාගෙන් ඉතිරිවන අය තමුන්ගේ අපරාධ නිසාත් තමුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසාත් නුඹලාගේ සතුරන්ගේ දේශවලදී ක්ෂයවී යනවා ඇත.


අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.


මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනැවිත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස්කොට, මා ශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ ජාතීන් ඉදිරියෙහි පෙන්වනු ලැබුවාම,


මමත් මාගේ අත් දෙක එකට ගසා, මාගේ කෝපය සංසිඳුවාගන්නෙමි. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමියි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්