Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:21 - Sinhala Revised Old Version

21 නුමුත් ඉශ්‍රායෙල් වංශය පැමිණි තැන්වල ජාතීන් අතරෙහි ඔවුන් කෙලෙසුවාවූ මාගේ ශුද්ධ නාමය කෙරෙහි අනුකම්පා ඇතිවීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ගිය තැන්වල ජාතීන් අතරෙහි මාගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසා, මාගේ නාමය ගැන මම සැලකිලිමත් වීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ගිය තැන්වල ජාතීන් අතරෙහි මාගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසා, මාගේ නාමය ගැන මම සැලකිලිමත් වීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:21
10 හුවමාරු යොමු  

මාගේ නාමය නිසා මාගේ කෝපය ප්‍රමාදකරන්නෙමි, නුඹ සිඳ නොදමන පිණිස මාගේ ප්‍රශංසාව උදෙසා නුඹ ගැන එය නවත්වන්නෙමි.


ස්වාමිනි, සතුරා නින්දාකළ බවත් අඥාන සෙනඟක් ඔබගේ නාමයට අපහාසකළ බවත් සිහිකළ මැනව.


නුමුත් ඔවුන් වට කර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලහෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි. මක්නිසාද ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්ට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට ප්‍රකාශවුණෙමි.


නුමුත් මම මාගේ අත නවත්වාගෙන, ජාතීන් ඉදිරියෙහි මා විසින් ඔවුන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස, එය උදෙසා ක්‍රියාකෙළෙමි.


නුමුත් ජාතීන් ඉදිරියෙහි මා විසින් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි.


මක්නිසාද මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම මේක ආවරණය කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා හැරියේය.


මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්.


ඉශ්‍රායෙල් වංශය, මා විසින් නුඹලාගේ නපුරු මාර්ගවල හැටියටවත් නුඹලාගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියටවත් නොව මාගේ නාමය නිසා නුඹලා උදෙසා ක්‍රියාකළ කල්හි මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වහල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්