Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:17 - Sinhala Revised Old Version

17 මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ රටෙහි වාසයකරද්දී ඔව්හු තමුන්ගේ මාර්ගයෙන්ද තමුන්ගේ ක්‍රියාවලින්ද ඒක අපවිත්‍රකළෝය. ඔවුන්ගේ මාර්ගය කිළිවූ ස්ත්‍රීයෙකුගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය තමන්ගේ රටෙහි වාසය කරද්දී ඔව්හු තමන්ගේ කල්ක්‍රියාවෙන් ද තමන්ගේ හැසිරීමෙන් ද ඒ රට අපවිත්‍ර කළෝ ය. ඔවුන්ගේ කල්ක්‍රියාව කිලි වූ ස්ත්‍රියකගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය තමන්ගේ රටෙහි වාසය කරද්දී ඔව්හු තමන්ගේ කල්ක්‍රියාවෙන් ද තමන්ගේ හැසිරීමෙන් ද ඒ රට අපවිත්‍ර කළෝ ය. ඔවුන්ගේ කල්ක්‍රියාව කිලි වූ ස්ත්‍රියකගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:17
13 හුවමාරු යොමු  

තවද මම සාරවත් දේශයකට, නුඹලා එහි ඵලද එහි හොඳ දේවල්ද අනුභවකරන පිණිස නුඹලා ගෙනාවෙමි; නුමුත් නුඹලා ඇතුල්ව මාගේ දේශය අපිරිසිදුකර, මාගේ උරුමය පිළිකුලක් කළහුය.


මේක නුඹලාගේ නිවාසය නොවන නිසා නැගිට යන්න. අපවිත්‍රකම නිසා බලවත් විනාශයකින් ඒක නුඹලාව විනාශකරනවා ඇත.


ඔවුන් තමුන්ගේ අශික්ෂිත දේවල මළකඳන්වලින් මාගේ දේශය දූෂ්‍යකොට, තමුන්ගේ පිළිකුල්වලින් මාගේ උරුමය පුරවා තිබෙන නිසා, මම පළමුකොට ඔවුන්ගේ අයුතුකමටත් පාපයටත් දෙගුණයක් ප්‍රතිඵල දෙන්නෙමි.


ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.


අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.


පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.


තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


මෙසේ ඔව්හු ස්වකීය කර්මාන්තවලින් කිලුටුව, තමුන්ගේ ක්‍රියාවලින් වේශ්‍යාකම්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්