Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:15 - Sinhala Revised Old Version

15 නුඹට විරුද්ධව ජාතීන්ගේ අපහාස කථා අසන්ට මම තවත් ඉඩ නොදෙන්නෙමි, ජනයන්ගේ නින්දාව නුඹ තවත් දරන්නේවත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිලවන්නේවත් නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 නුඹට විරුද්ධ ව විජාතීන්ගේ අපහාස කතා අසන්න මම තවත් ඉඩ නොදෙන්නෙමි. ජනයන්ගේ නින්දාව නුඹ තවත් විඳින්නේ වත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිළෙන්න සලස්වන්නේ වත් නැතැ යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 නුඹට විරුද්ධ ව විජාතීන්ගේ අපහාස කතා අසන්න මම තවත් ඉඩ නොදෙන්නෙමි. ජනයන්ගේ නින්දාව නුඹ තවත් විඳින්නේ වත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිළෙන්න සලස්වන්නේ වත් නැතැ යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:15
21 හුවමාරු යොමු  

කීර්තිය පිණිස මම ඔවුන්ට ගස් පංක්තියක් උපදවන්නෙමි, ඔව්හු තවත් දේශයෙහි සාගතයෙන් විනාශ නොවන්නෝය, ජාතීන්ගේ නින්දාකිරීම තවත් නොදරන්නෝය.


ස්වාමිනි, ඔබගේ මෙහෙකරුවන්ට පැමිණි නින්දාව, එනම් සියලු බලවත් මනුෂ්‍ය වර්ගයන්ගෙන් ලැබෙන බර, මාගේ ළයෙහි දරන බව සිහිකළ මැනව.


එබැවින් ඉශ්‍රායෙල් රට ගැන අනාගතවාක්‍ය කියමින්, කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න–බලව, නුඹලා ජාතීන්ගේ නින්දාව දැරු නිසා මාගේ ජ්වලිතයෙන්ද මාගේ උදහසින්ද මම කථාකෙළෙමි.


නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: ස්වාමීන්වහන්සේගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.


භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.


මාගේ සෙනඟට නින්දාකළාවූ, ඔවුන්ගේ සීමාවට විරුද්ධව උඩඟුවුණාවූ මෝවබ්ගේ නින්දාකිරීමත් අම්මොන් පුත්‍රයන්ගේ අපහාස වචනත් ඇසීමි.


කාන්තාරයෙහි යන අශ්වයෙකු මෙන් නොපැකිලෙන හැටියට ඔවුන් ගැඹුරු මැදින් ගෙන ගියාවූ තැනන්වහන්සේ කොයිද?


උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.


එහෙත් මාගේ සෙනඟ මා මතකනැතිකළෝය, ඔව්හු දේව රූපවලට සුගන්ධ ද්‍රව්‍ය දැවුවෝය; ඒවා වනාහි හරි නොගැස්සූ මාර්ගයකද අතුරු පාරවලද යන ලෙස පුරාණ මාවත් වන ඔවුන්ගේ මාර්ගවල ඔවුන් පැකිලවති.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියා, ස්වාමිවූ දෙවියන්වහන්සේ අම්මොන් පුත්‍රයන් ගැනද ඔවුන්ගේ නින්දාකිරීම ගැනද මෙසේ කියනසේකැයි කියන්න:


නුඹ වැගිරෙවු නුඹේ ලේවලින් නුඹ වරදකාරයෙක්වී, නුඹ සෑදූ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍රවී, මෙසේ නුඹේ දවස් ළංවෙන්ට සලස්වා, නුඹේ අවුරුදුවලට නුඹ පැමින්ණෙහිය. එබැවින් මම නුඹ ජාතීන්ට නින්දාවක්ද සියලුම දේශවලට කවටකමක්ද කෙළෙමි.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අවට සිටින ජාතීන්ම තමුන්ගේ නින්දාව දරනවා ඇත කියා දිවිරීමට මමම මාගේ අත එසෙවුවෙමි.


නුඹ තවත් මනුෂ්‍යයන් කාදමන්නේවත් නුඹේ සෙනඟ තවත් නැතිකරන්නේවත් නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට උත්තරදෙමින්: මෙන්න, නුඹලා තෘප්තියට පැමිණෙන ලෙස ධාන්‍යද මිදියුසද තෙල්ද නුඹලා වෙත එවමි. මම ජාතීන් අතරෙහි නුඹලා තවත් නින්දාවක් නොකරන්නෙමි.


ස්වාමිනි, අපට කරුණාකළ මැනව, අපට කරුණාකළ මැනව. මක්නිසාද අපි අධික ලෙස නින්දා වෙන් පිරී සිටිමුව.


මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනඟ කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය.


ගොග් ඉශ්‍රායෙල් රටට විරුද්ධව එන ඒ කාලයේදී මාගේ උදහස මාගේ මුහුණෙහි ඇවිළෙනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ නුඹේ විනිශ්චයන් පහකළසේක, නුඹේ සතුරන් පිටත හෙළූසේක. ඉශ්‍රායෙල් රජවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක. නුඹ තවත් විපත්තියට භය නොවන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්