Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:1 - Sinhala Revised Old Version

1 තවද මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්‍රායෙල් කඳුවලට අනාගතවාක්‍ය කියමින් මෙසේ කියන්න: ඉශ්‍රායෙල් කඳු, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් කඳුවලට දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් කඳුවලට දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:1
13 හුවමාරු යොමු  

දේශයෙහි ඉශ්‍රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි; එක රජෙක්ද ඔවුන් සියල්ලන්ටම රජ වන්නේය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝය, තවත් රාජ්‍ය දෙකකට නොබෙදෙන්නෝය.


උන්වහන්සේ නැවත මට කථාකොට: නුඹ මේ ඇට කෙරෙහි අනාගතවාක්‍ය කියමින් ඒවාට මෙසේ කියන්න–වියළි ඇට, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


නුමුත්, එම්බා ඉශ්‍රායෙල් කඳු, නුඹලා වනාහි නුඹලාගේ අතු ලියලවා, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නුඹලාගේ ඵල දරාදෙනවා ඇත; ඔවුන් එන්ට ළඟය.


ඉශ්‍රායෙල් කඳු, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත් අවට ඉතිරිව සිටින ජාතීන්ට කොල්ලයක්ව කවටකමක්ව තිබෙන්නාවූ පාළුවූ නාස්ති ඉඩම්වලටත් අත්හැරී තිබෙන නුවරවලටත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක.


හොඳ තෘණවලින් උන් පෝෂ්‍යකරන්නෙමි, ඉශ්‍රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තෘණබිම් වන්නේය. එහි හොඳ තෘණබිම්වල උන් ලගිනවා ඇත, ඉශ්‍රායෙල් කඳුවල උන් සාරවත් තෘණ කනවා ඇත.


මම දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි, ඇගේ බලයේ උඩඟුකමද පහවන්නේය; ඉශ්‍රායෙල් කඳුවල කිසිවෙකු නොයන ලෙස ඒවා පාළුවන්නේය.


දකුණු දිශාවේ වනයට මෙසේ කියන්න–ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹ තුළ ගින්නක් පත්තුකරමි, එයින් නුඹ තුළ තිබෙන සියලු අමු ගස්ද සියලු වියළි ගස්ද දැවීයන්නේය. ඒ ඇවිළෙන ගිනිමැලය නොනිවී, එයින් දකුණේ සිට උතුර දක්වා සියලු මුහුණු දැවෙන්නේය.


එම්බා පොළොව, පොළොව, පොළොව, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


ඉශ්‍රායෙල් වංශයේ උරුමය පාළුවක් වුණ බැවින් නුඹ ඊට ප්‍රීති වුණාක්මෙන් මම නුඹට එසේම කරන්නෙමි. එම්බා සේයිර් කන්ද, නුඹ සහ මුළු ඒදොම් මුළුමනින්ම පාළුවක් වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–සතුරා නුඹලා ගැන කථාකොට: ඔහෝ, පුරාණ උසස්ථාන අපට උරුමයක් වී තිබේයයි කියන බැවින්,


බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධානකමට පත්වී, කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරෙන් ඉශ්‍රායෙල් කඳුවලට රැස්කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නුමුත්, ඔවුන් ජනයන් අතරෙන් ගෙන්වනු ලැබ, සියල්ලෝම නිසැකව (එහි) වාසය කරති.


මම සියලු ජාතීන් රැස්කොට, යෙහෝෂාපාත් මිටියාවතට පමුණුවා, එහි මාගේ සෙනඟද මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ද ගැන ඔවුන් සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි. මක්නිසාද ඔව්හු මොවුන් ජාතීන් අතරට විසුරුවා, මාගේ දේශය බෙදාගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්