Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 33:20 - Sinhala Revised Old Version

20 එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹලා කියන්නහුය. එම්බා ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා එකිනෙකා තම තමාගේ මාර්ග ලෙස විනිශ්චයකරන්නෙමියි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත්, ‘සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹලා කියන්නහු ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා එකිනෙකා තම තමාගේ ම ක්‍රියා ලෙස විනිශ්චය කරන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහෙත්, ‘සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹලා කියන්නහු ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා එකිනෙකා තම තමාගේ ම ක්‍රියා ලෙස විනිශ්චය කරන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 33:20
15 හුවමාරු යොමු  

මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.


එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹලා කියන්නහුය. එම්බා ඉශ්‍රායෙල් වංශය, අසන්න. මාගේ මාර්ගය සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ නුඹලාගේ මාර්ගවල් නොවේද?


මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ.


මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය.


යහපත්කම් කළාහු ජීවනයේ නැවත–නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත–නැගිටීමටත් පිටත්ව එන්නෝය.


එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹේ සෙනඟගේ පුත්‍රයෝ කියති. නුමුත් සාධාරණ නැත්තේ ඔවුන්ගේ මාර්ගයය.


මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.


මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි; එවිට ඔහුගේ සිත ස්වාමීන්වහන්සේට විරුද්ධව කිපෙයි.


ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.


මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල දී, ඒ ඒ අයගේ හැසිරීමේ හැටියට ඔහුට සිද්ධවෙන්ට සලස්වනසේක.


දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹ පිටට වගුරුවා, මාගේ උදහස නුඹ කෙරෙහි ඉෂ්ටකරන්නෙමි. නුඹේ මාර්ග ලෙස නුඹ විනිශ්චයකොට, නුඹේ සියලු පිළිකුල්කම් නුඹ පිටට පමුණුවන්නෙමි.


එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට මෙසේ කියන්න: ධර්මිෂ්ඨයා වරද කරන දවසේදී ස්වකීය ධර්මිෂ්ඨකම නිසා ඔහු නොගැළවෙන්නේය; දුෂ්ටයාද තමාගේ දුෂ්ටකමෙන් හැරෙන දවසේදී තමාගේ දුෂ්ටකම නිසා වැටී නොයන්නේය. ධර්මිෂ්ඨයා පව්කරන දවසේදී ධර්මිෂ්ඨකම නිසා ජීවත්වෙන්ට ඔහුට පුළුවන්වෙන්නෙත් නැත.


දුෂ්ටයාද තමාගේ දුෂ්ටකමෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්, ඔහු ඒ නිසා ජීවත්වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්