Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 32:4 - Sinhala Revised Old Version

4 එවිට මම නුඹ බිම දමා, පොළෝතලය මතුපිට හෙළා, ආකාශයේ සියලු පක්ෂීන් නුඹ පිට ලගින්ටත් මුළු පොළොවේ සත්වයන් නුඹෙන් තෘප්තියට පැමිණෙන්ටත් සලස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට මම නුඹ බිම දමා, පොළෝ තලය මතු පිට හෙළා ආකාශයේ සියලු පක්ෂීන් නුඹ පිට වහන්නටත්, මුළු පොළොවේ සත්ත්වයන් නුඹේ මාංසය කා තෘප්තියට පැමිණෙන්නටත් සලස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට මම නුඹ බිම දමා, පොළෝ තලය මතු පිට හෙළා ආකාශයේ සියලු පක්ෂීන් නුඹ පිට වහන්නටත්, මුළු පොළොවේ සත්ත්වයන් නුඹේ මාංසය කා තෘප්තියට පැමිණෙන්නටත් සලස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 32:4
19 හුවමාරු යොමු  

ඒවා කඳුවල ගිජු පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් එකසේ අත්හරිනු ලබන්නේය. ඒවා අතරෙහි පක්ෂීහු ග්‍රීෂ්ම කාලයද ඒවා අතරෙහි පොළොවේ සියලු මෘගයෝ ශීත කාලයද පසුකරන්නෝය.


මම නුඹ සහ නුඹේ ගංගාවල සියලු මත්ස්‍යයන්ද කාන්තාරයෙහි හෙළා දමන්නෙමි. නුඹ පොළොව මතුපිට වැටී ඇහිඳිනු නොලබන්නෙහිය. නුඹ පොළොවේ මෘගයන්ටද ආකාශයේ පක්ෂීන්ටද කෑම පිණිස දුනිමි.


යූදා දරුවන්ගේ දේශයෙහි නිදොස් ලේ වගුරුවා ඔවුන්ට කළ බලාත්කාරකම නිසා මිසරය පාළුවක්ද ඒදොම් පාළු කාන්තාරයක්ද වන්නේය.


ස්වාමීන්වහන්සේගෙන් මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.


ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.


ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.


නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද නුඹේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය.


ඔබ ලෙවියාතන්ගේ හිස පොඩිකොට, වනයෙහි වාසයකරන සෙනඟට භෝජන පිණිස දුන්සේක.


ඔව්හු කඩුවේ බලයට පාවාදෙනු ලබන්නෝය. සිවලුන්ට ගොදුරක් වන්නෝය.


මැරුම්කන ඔහුගේ අයගෙන් ඔහුගේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වලද නුඹේ මිටියාවත්වලද නුඹේ සියලු දෙණිවලද කඩුවෙන් මැරුම්කන අය වැටෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්