Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 32:27 - Sinhala Revised Old Version

27 වැටී තමුන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූද තමුන්ගේ කඩු තමුන්ගේ හිස යට තබාගත්තාවූද තමුන්ගේ අපරාධ තමුන්ගේ ඇට පිට ඇත්තාවූද අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක්ව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 වැටී තමන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූ, තමන්ගේ කඩු තමන්ගේ හිස යට තබාගත්, තමන්ගේ පලිස් තමන්ගේ ඇටකටු මත තබාගත්, අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝ ය. කුමක්නිසා ද, ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 වැටී තමන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූ, තමන්ගේ කඩු තමන්ගේ හිස යට තබාගත්, තමන්ගේ පලිස් තමන්ගේ ඇටකටු මත තබාගත්, අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝ ය. කුමක්නිසා ද, ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 32:27
16 හුවමාරු යොමු  

බලවතුන්ගේ උත්තමයෝ ඔහුගේ උපකාරකාරයන් සමඟ පාතාලය මැද සිට ඔහුට කථාකරන්නෝය. අචර්මඡේදිතවූ, කඩුවෙන් මැරුම්කෑවාවූ අය බැස ගොස් වැටී සිටිති.


ඔහු ශාපකිරීම තමාගේ වස්ත්‍රය මෙන් හැඳගත්තේය, එය ඔහු තුළට දිය මෙන්ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන්ද ආයේය.


ඔහුගේ ඇට ඔහුගේ යෞවනභාවයෙන් පිරී තිබෙන නුමුත්, එය ඔහු සමඟ ධූලියෙහි වැදහෙන්නේය.


(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)


එහෙයින්, නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතැයි නුඹලාට කීයෙමි. මක්නිසාද ඒ මමයයි නුඹලා විශ්වාසකළොත් මිස නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නහුයයි කීසේක.


පව්කරන ප්‍රාණයම නසිනවා ඇත. පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේය, පියාද පුත්‍රයාගේ අයුතුකම නොදරන්නේය; ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේය.


නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.


මක්නිසාද ස්වාමිනි, ඔබගේ සතුරෝ, එසේය, ඔබගේ සතුරෝ, විනාශවන්නෝය; අයුතුකම්කරන සියල්ලෝම විසුරුවනු ලබන්නෝය.


දුෂ්ටයන් තණකොළ මෙන් වැඩෙන්නෙත්, අයුතුකම්කරන සියල්ලන් සඵලවන්නෙත්, ඔවුන් සදාකාලේට විනාශවන පිණිසය.


ඔව්හු බැටළු රැළක් මෙන් ෂෙයෝලට නියමකරනු ලබති; මරණය ඔවුන්ගේ එඬේරා වන්නේය. අවංකයෝ උදය කාලයෙහි ඔවුන් කෙරෙහි බල පවත්වන්නෝය; ඔවුන්ගේ අලංකාරය වාසස්ථානයක් නොලැබ විනාශවන පිණිස ෂෙයෝලයට කැපවන්නේය.


නුඹත් අචර්මඡේදිතයන් අතරෙහි පොඩිවී කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉන්නෙහිය.


නුඹ දකින්නෝ නුඹ දෙස ඕනෑකමින් බලමින් කල්පනාකොට: පොළොව වෙවුලවා රාජ්‍යයන් සෙලෙවුවාවූ,


ඔව්හු නුඹ ගැන විලාපයක් කියමින්: මුහුදේ යාත්‍රාකරන්නන් විසුවාවූ ප්‍රශංසා ලැබූ නුවරව, මුහුදෙහි බලවත්ව සිටියාවූ නුඹ විනාශවූ හැටි! ඈ සහ එහි වැසියෝ තමුන්ගේ භයානකකම එහි විසූ සියල්ලන් කෙරෙහි තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්