Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 32:22 - Sinhala Revised Old Version

22 අෂූර් සහ ඇගේ මුළු සමූහයත් එහිය; ඔහුගේ මිනීවළවල් ඔහු අවටින් ඇත්තේය. ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 “අසිරියාව සහ ඇගේ මුළු හමුදාව එහි ය. ඔවුන්ගේ මිනී වළවල් ඔහු අවටින් ඇත්තේ ය. ඔව්හු සියල්ලෝ ම කඩුපහරින් වැටී මැරුම් කෑහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 “අසිරියාව සහ ඇගේ මුළු හමුදාව එහි ය. ඔවුන්ගේ මිනී වළවල් ඔහු අවටින් ඇත්තේ ය. ඔව්හු සියල්ලෝ ම කඩුපහරින් වැටී මැරුම් කෑහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 32:22
13 හුවමාරු යොමු  

එහි මෙෂෙක්ද තූබල්ද ඇගේ මුළු සමූහයාද සිටිති; ඇගේ මිනීවළවල් ඈ වටකර ඇත්තේය. ඔවුන් සියල්ලෝම අචර්මඡේදිතව කඩුවෙන් මැරුම්කෑවෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු භීතිය ඉපදෙවූවෝය.


එහි ඒලාම් සහ ඇගේ මිනීවළ වටකර ඇගේ මුළු සමූහයාද සිටිති. ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවූ ඔව්හු අචර්මඡේදිතව පොළොවේ පහත් තැන්වලට බැස ගියෝය; ඔව්හුද මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරා සිටිති.


මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේගේ හුස්මට එය ඇවිළීයයි.


එහෙත් කිත්තීම් දිසාවෙන් නැව් එන්නේය, ඔව්හු අෂූර් යටහත්කරන්නෝය, ඒබෙර්ද යටහත්කරන්නෝය, ඔහුද විනාශයට පැමිණෙන්නේයයි කීවේය.


හාරාන්හිද කන්නෙහිද එදෙන්හිද මනුෂ්‍යයෝ වන ෂෙබාහිත් අෂූර්හිත් කිල්මද්හිත් වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිටියෝය.


[අෂූරියයා,] නුඹ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ අණකළසේක: නුඹේ නාමය තවත් පැවත නොඑන්නේය. මම නුඹේ දෙවිවරුන්ගේ ගෘහයෙන් කැපූ රූපයත් වාත්තු රූපයත් සිඳදමා, නුඹ නීච නිසා නුඹේ මිනීවළ පිළියෙළකරන්නෙමි.


එනම්, මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්