Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 31:4 - Sinhala Revised Old Version

4 ජලවලින් ඒක මහත්වී, ගැඹුරෙන්ද උස්වුණේය. ගැඹුරේ ගංගා එහි පාත්ති වටකර ගලා, එහි ඇළවල් වනයේ සියලු ගස් ළඟට පමුණුවනු ලැබීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 “එය වැඩෙන පිණිස වතුර ද පෝෂණය කරන පිණිස පොළොව යට උල්පත් ද තිබුණේ ය. ඒවායින් ගස වැඩෙන තැනට ජල ධාරා ගලා එන්නේ ය. එය වනයේ ඇති ගස්වලට ද දිය දහරා යැව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “එය වැඩෙන පිණිස වතුර ද පෝෂණය කරන පිණිස පොළොව යට උල්පත් ද තිබුණේ ය. ඒවායින් ගස වැඩෙන තැනට ජල ධාරා ගලා එන්නේ ය. එය වනයේ ඇති ගස්වලට ද දිය දහරා යැව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 31:4
7 හුවමාරු යොමු  

ඔහු තවත් මට කථාකොට: වේශ්‍යාව හිඳගන ඉන්න තැන නුඹ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝද සමූහයෝද ජාතීහුද භාෂාවෝද වෙති.


පාත්‍රා සත දැරූ දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමඟ කථාකොට: මෙහි එන්න, බොහෝ ජල පිට හිඳින මහත් වේශ්‍යාවගේ විනිශ්චය නුඹට පෙන්වන්නෙමි;


එය උතුම් මිදිවැලක් වෙන හැටියට අතු ලියලා ඵල දරන පිණිස එය හොඳ බිමක බොහෝ වතුර ළඟ හිටවා තිබුණේය.


ඔහු දේශයේ බීජයක්ද රැගෙන සාරවත් බිමක සිටෙවුවේය; ඔහු එය බොහෝ දිය ළඟ නළා ගසක් මෙන් එහි පිහිටෙවුවේය.


රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹට යුක්තිය කරදී, නුඹ උදෙසා පළිගන්නෙමි; මම ඇගේ මුහුද හින්දවා,


තවද මහත් පියාපත් සහ බොහෝ පිහාටු ඇති තවත් මහත් රාජාලියෙක් විය. එවිට ඒ මිදිවැල එහි මුල් ඔහු දෙසට හරවා, ඔහු ඒකට වතුර වක්කරන පිණිස, එය පිහිටුවා තිබුණු පාත්තිවලින් එහි අතු ඔහු දෙසට දිගුකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්