Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 31:2 - Sinhala Revised Old Version

2 මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ සමූහයාටත් මෙසේ කියන්න–නුඹේ මහත්කමෙන් නුඹ කාට සමානද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝටත්, ඔහුගේ සෙනඟටත් මෙසේ කියන්න: නුඹ උසස්කමෙන් කවරෙකුට සමාන ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝටත්, ඔහුගේ සෙනඟටත් මෙසේ කියන්න: නුඹ උසස්කමෙන් කවරෙකුට සමාන ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 31:2
9 හුවමාරු යොමු  

එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ට මිසර දේශය පාවාදෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගන යනවා ඇත; ඒවා ඔහුගේ සේනාවට කුලී වන්නේය.


නුඹ එසේ මහිමයෙන්ද උතුම්කමෙන්ද ඒදන්හි ගස්වලින් කොයි එකට සමානව සිටිනෙහිද? නුඹත් ඒදන්හි ගස් සමඟ පොළොවේ පහත් තැන්වලට බැස, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නවා ඇත. ඵාරාවෝට සහ ඔහුගේ මුළු සමූහයාටත් එයාකාරවේය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


ස්වාමිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතින් මිසරයේ සමූහයා නැතිකරවන්නෙමි.


තවද: නුඹ බොහෝ සෙනඟද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගතවාක්‍ය කියන්ට ඕනෑයයි මට කියනලද්දේය.


ඒ නිසා නුඹ නුඹේ ඉඟටිය බැඳගෙන නැගිට සිට, මා නුඹට අණකරන සියල්ල ඔවුන්ට කියන්න. මා විසින් ඔවුන් ඉදිරියේදී නුඹ නොකලඹන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි නොකැලඹී සිටින්න.


මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට නුඹ නියමකෙළෙමියි කීය.


ඒක අනික් රාජ්‍යවලට වඩා පහත්ව ජාතීන් කෙරෙහි තවත් උසස් නොවී තිබෙන්නේය. ඔවුන් ජාතීන් කෙරෙහි ආණ්ඩු නොකරන හැටියට මම ඔවුන් අඩුකරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්