Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 31:17 - Sinhala Revised Old Version

17 ජාතීන් අතරේ ඔහුගේ සෙවනෙහි වාසයකළාවූ, ඔහුගේ හස්තයව සිටියාවූ තැනැත්තෝද කඩුවෙන් මැරුම්කෑ අය ළඟට ඔහු සමඟ පාතාලයට බැස්සෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඒ ගස සමඟ එහි සෙවණ යට ජීවත් වූ සියලු ජාතීන් ද කඩුවෙන් මැරුම් කෑ අය ද පාතාලයේ දී එක්වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඒ ගස සමඟ එහි සෙවණ යට ජීවත් වූ සියලු ජාතීන් ද කඩුවෙන් මැරුම් කෑ අය ද පාතාලයේ දී එක්වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 31:17
12 හුවමාරු යොමු  

ආකාශයේ සියලු පක්ෂීහු එහි අතුවල කූඩු සාදාගත්තෝය, එහි රිකිලි යට වනයේ සියලු මෘගයෝ පැටවු ගැහුවෝය, එහි සෙවෙණෙහි සියලු මහත් ජාතීහුද වාසයකළෝය.


දුෂ්ටයෝ, එසේය, දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියලු ජාතීහු ෂෙයෝලට හැරීයන්නාහුය.


මෙන්න, අෂූරියයා ශෝභන අතුද ඝන සෙවණක්ද ඇත්තාවූ, ඉතා උස්වූ, ලෙබනොන්හි කිහිරි ගසක්ය; එහි මුදුන වලාකුල් අතරෙහි වූයේය.


වපුළායින් පසු එය වැඩී, සියලුම පලා ගස්වලට වඩා ලොකුවී, ඒකේ සෙවණෙහි ආකාශයේ පක්ෂීන්ට ලගින්ට පුළුවන් තරමට මහත් අතු විහිදන්නේයයි කීසේක.


ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ, ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය.


යට තිබෙන පාතාලය නුඹේ ඊමේදී පෙරමගට එන්ට නුඹ නිසා චංචලවේ; එම මළවුන්, එනම් පොළොවේ සියලු ප්‍රධානීන්, නුඹ නිසා පුබුදුවයි; එය ජාතීන්ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටෙවුවේය.


ජාතීන්ගෙන් ඉතා භයානක විදේශියෝ ඔහු කපාදමා හැරගියෝය. ඔහුගේ අතු කඳු පිටත් සියලු මිටියාවත්වලත් වැටුණේය, ඔහුගේ රිකිලි දේශයේ සියලු දෙණිවල කඩණු ලැබුවේය; පොළොවේ සියලු ජනයෝද ඔහුගේ සෙවණෙන් අහක්වී, ඔහු අත්හැර ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්