Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 30:6 - Sinhala Revised Old Version

6 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මිසරයට ආධාරකරන අය වැටෙන්නෝය, ඇගේ බලයේ උඩඟුකම පහත්වන්නේය. මිග්දොල් පටන් සෙවේනේ කොටුව දක්වා මනුෂ්‍යයෝ එහි කඩුවෙන් වැටෙන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මිසරයට ආධාර කරන අය වැටෙන්නෝ ය. ඇගේ බලයේ උඩඟුකම බිඳ වැටෙන්නේ ය. උතුරේ මිග්දොල් පටන් දකුණේ සෙව්නේ දක්වා මනුෂ්‍යයෝ කඩු පහරින් නසින්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මිසරයට ආධාර කරන අය වැටෙන්නෝ ය. ඇගේ බලයේ උඩඟුකම බිඳ වැටෙන්නේ ය. උතුරේ මිග්දොල් පටන් දකුණේ සෙව්නේ දක්වා මනුෂ්‍යයෝ කඩු පහරින් නසින්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 30:6
8 හුවමාරු යොමු  

එබැවින්, බලව, මම නුඹටත් නුඹේ ගංගාවලටත් විරුද්ධයෙමි, මිග්දොල් පටන් සෙවේනේ කොටුව දක්වාත් කූෂ්හි සීමාව දක්වාත් මිසර දේශය මුළුමනින්ම පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි.


කූෂ් සහ මිසරය ඇගේ බලයය, නිමක්ද නැත; පූට් සහ ලූබ්වරු නුඹේ උපකාරකාරයෝ වූවෝය.


මිසරවරු දෙවියන්වහන්සේ නොව මනුෂ්‍යයෝ පමණක්ය; ඔවුන්ගේ අශ්වයෝද ආත්මය නොව මාංසයය. ස්වාමීන්වහන්සේ තමන් අත දිගුකරනවිට උපකාරකරන්නා පැකිලෙන්නේය, උපකාර ලබන්නාද වැටෙන්නේය, ඔව්හු සියල්ලෝම එක්ව නාස්තිවන්නෝය.


දෙවියන්වහන්සේ තමන් උදහස පහකර නොගන්නාසේක; උඩඟු උපකාරකාරයෝ උන්වහන්සේට යටත්වෙති.


බලව, සමහරෙක් දුරින් එන්නෝය. බලව, සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන්ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන්ද එන්නෝය.


මම දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි, ඇගේ බලයේ උඩඟුකමද පහවන්නේය; ඉශ්‍රායෙල් කඳුවල කිසිවෙකු නොයන ලෙස ඒවා පාළුවන්නේය.


අපි බලවන්තයෝය, යුද්ධයට බලවත් මනුෂ්‍යයෝයයි නුඹලා කියන්නේ කොහොමද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්