Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 30:22 - Sinhala Revised Old Version

22 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මිසරයේ රජවූ ඵාරාවෝට විරුද්ධව සිටිමි, මම ඔහුගේ බාහු වන සවිවූ එකද බිඳුණු එකද බිඳ, ඔහුගේ අතින් කඩුව වැටෙන්ට සලස්වා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බලන්න, මම මිසරයේ රජු වන පාරාවෝට විරුද්ධ ව සිටිමි. මම ඔහුගේ කැඩුණු අතත්, නොකැඩුණු අතත් දෙක ම කඩන්නෙමි. එවිට ඔහුගේ අතින් කඩුව වැටෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බලන්න, මම මිසරයේ රජු වන පාරාවෝට විරුද්ධ ව සිටිමි. මම ඔහුගේ කැඩුණු අතත්, නොකැඩුණු අතත් දෙක ම කඩන්නෙමි. එවිට ඔහුගේ අතින් කඩුව වැටෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 30:22
8 හුවමාරු යොමු  

බබිලෝනියේ රජු මිසරයේ ඔය පටන් ප්‍රාත් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා මිසරයේ රජ තවත් තමාගේ දේශයෙන් පිටතට ආවේ නැත.


මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පිහිටවනසේක.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගෙන් විභාගකරන්ට නුඹලා මා වෙතට එවූ යූදාහි රජුට මෙසේ කියන්න: බලව, නුඹලාට උදව්වෙන්ට පිටත්ව ආවාවූ ඵාරාවෝගේ සේනාව තමුන්ගේ දේශය වන මිසරයට හැරීයනවා ඇත.


නුඹ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධයෙමි.


මම නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි, පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි. නුමුත් මම තරවූ එවුන්ද ශක්තිමත් එවුන්ද නැතිකර, විනිශ්චයෙන් උන් පෝෂ්‍යකරන්නෙමි.


රැළ අත්හරින්නාවූ නොවටිනා එඬේරාට දුක් වන්නේය! ඔහුගේ හස්තයටත් දකුණු ඇසටත් විරුද්ධව කඩුවක් පැමිණෙන්නේය. ඔහුගේ හස්තය වේළීයන්නේය, ඔහුගේ දකුණැසද අන්ධවන්නේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්