Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 30:21 - Sinhala Revised Old Version

21 මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝගේ හස්තය මම බින්දෙමි; කඩුව අල්ලන්ට ඒක සවිවෙන පිණිස සුවකරන ඖෂධ දමා, ඒක බැඳීමට පටියක් දමා, ඒක බැන්දේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 “මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝගේ හස්තය මම බිඳදැමුවෙමි. කඩුව අල්ලන්න එය ශක්තිමත් වන සේ කිසිවෙකු එය පටිවලින් බැඳ එයට පිළියම් කර නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 “මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝගේ හස්තය මම බිඳදැමුවෙමි. කඩුව අල්ලන්න එය ශක්තිමත් වන සේ කිසිවෙකු එය පටිවලින් බැඳ එයට පිළියම් කර නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 30:21
15 හුවමාරු යොමු  

එම්බා මිසරය නම් කන්‍යා දුව, ගිලියද්ට ගොස් ගුගුල් ගන්න. නුඹ විසින් බොහෝ බෙහෙත් පාවිච්චිකිරීම නිෂ්ඵලය; නුඹට සුවවීමක් නැත.


ඒවා බැඳීමට නුඹේ කාරණය භාරගන්න කෙනෙක් නැත. නුඹ සුවකරන්ට කිසි ඖෂධයක් නැත.


මෝවබ්ගේ අඟ කපාදමා තිබේ, ඔහුගේ හස්තයත් කඩා තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පිහිටවනසේක.


මම බබිලෝනියේ රජුගේ බාහු බලවත්කොට, මාගේ කඩුව ඔහු අතට දෙන්නෙමි. ඵාරාවෝගේ බාහු බිඳින්නෙමි, ඔහු මරණීය තුවාල ලත් කෙනෙකුගේ කෙඳිරිගෑම්වලින් ඒ අය ඉදිරියෙහි කෙඳිරිගානවා ඇත.


දුෂ්ටයාගේ බාහුව බින්ද මැනව; නපුරාගේ දුෂ්ටකම කිසිත් ඉතුරු නොවී යනතුරු සෙවුව මැනව.


තවද බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය.


නුඹ නුඹේ වෙළඳුන් අහසේ තාරකාවලට වඩා වැඩිකරගත්තෙහිය. කෙඳි-පළඟැටියෝ පැතිර ඉගිලීගියෝය.


පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.


මා විසින් යූදාහි රජවූ ශෙදෙකියා ඔහුගේ සතුරාවූ ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවා දුන්නාක්මෙන් මිසරයේ රජවූ ඵාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතටද ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටද පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


ඉශ්‍රායෙල් කඳු පිටට නුඹ පමුණුවා, නුඹේ දුන්න නුඹේ වමතෙන් ගසාදමා නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්ට සලස්වන්නෙමි.


රැළ අත්හරින්නාවූ නොවටිනා එඬේරාට දුක් වන්නේය! ඔහුගේ හස්තයටත් දකුණු ඇසටත් විරුද්ධව කඩුවක් පැමිණෙන්නේය. ඔහුගේ හස්තය වේළීයන්නේය, ඔහුගේ දකුණැසද අන්ධවන්නේයයි කීසේක.


බබිලෝනියේ රජු මිසරයේ ඔය පටන් ප්‍රාත් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා මිසරයේ රජ තවත් තමාගේ දේශයෙන් පිටතට ආවේ නැත.


එසේය, ඔබ ඔහුගේ කඩු මුවාත නැමූසේක, සටනේදී ඔහුට කෙළින් සිටින්ට නුදුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්