Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 30:11 - Sinhala Revised Old Version

11 ජාතීන්ගෙන් ඉතා භයානක අය වන ඔහුත් ඔහු සමඟ ඔහුගේ සෙනඟත් දේශය නාස්තිකරන්ට ගෙන්වනු ලැබ, මිසරයට විරුද්ධව තමුන්ගේ කඩු ඇද, මැරුම්කන අයගෙන් ඔව්හු දේශය පුරවන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ජාතීන්ගෙන් ඉතා භයානක අය වන ඔහුත්, ඔහු සමඟ ඔහුගේ සෙනඟත් දේශය නාස්ති කරන පිණිස ගෙන්වනු ලබන්නෝ ය. ඔව්හු මිසරයට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද මැරුම් කන අයගේ මළකඳන්වලින් දේශය පුරවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ජාතීන්ගෙන් ඉතා භයානක අය වන ඔහුත්, ඔහු සමඟ ඔහුගේ සෙනඟත් දේශය නාස්ති කරන පිණිස ගෙන්වනු ලබන්නෝ ය. ඔව්හු මිසරයට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද මැරුම් කන අයගේ මළකඳන්වලින් දේශය පුරවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 30:11
14 හුවමාරු යොමු  

බලව, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශීන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ ප්‍රඥාවේ ලක්ෂණකමට විරුද්ධව තමුන්ගේ කඩු ඇද, නුඹේ දීප්තිය කිලුටුකරන්නෝය.


ඉශ්‍රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු සමුදාවල්ද නුඹ සමඟ සිටින ජනයන්ද වැටෙනවා ඇත. සියලු ආකාර ගිජු පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.


මැරුම්කන ඔහුගේ අයගෙන් ඔහුගේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වලද නුඹේ මිටියාවත්වලද නුඹේ සියලු දෙණිවලද කඩුවෙන් මැරුම්කන අය වැටෙනවා ඇත.


නුඹේ සමූහයා බලවන්තයන්ගේ කඩුවලින් වැටෙන්ට සලස්වන්නෙමි; ඔවුන් සියල්ලෝම ජාතීන්ගෙන් ඉතා භයානක අයය. ඔවුන් මිසරයේ මහිමය නැතිකරනවා ඇත, එහි මුළු සමූහයාද නාස්තිවේ.


ජාතීන්ගෙන් ඉතා භයානක විදේශියෝ ඔහු කපාදමා හැරගියෝය. ඔහුගේ අතු කඳු පිටත් සියලු මිටියාවත්වලත් වැටුණේය, ඔහුගේ රිකිලි දේශයේ සියලු දෙණිවල කඩණු ලැබුවේය; පොළොවේ සියලු ජනයෝද ඔහුගේ සෙවණෙන් අහක්වී, ඔහු අත්හැර ගියෝය.


නුඹට නොතේරෙන භාෂාවක් කථාකරන්නාවූ ජාතියක් රාජාලියා වේගයෙන් එන්නාක් මෙන් දුර සිට පොළොවේ කෙළවරෙන් ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව පමුණුවනසේක.


මම බබිලෝනියේ රජුගේ බාහු බලවත්කොට, මාගේ කඩුව ඔහු අතට දෙන්නෙමි. ඵාරාවෝගේ බාහු බිඳින්නෙමි, ඔහු මරණීය තුවාල ලත් කෙනෙකුගේ කෙඳිරිගෑම්වලින් ඒ අය ඉදිරියෙහි කෙඳිරිගානවා ඇත.


ජාතීන්ගේ බලවන්තයා කැමැති හැටියට ඔහුට කරන පිණිස ඒ අය අතට ඔහු පාවාදෙන්නෙමි. ඔහුගේ දුෂ්ටකම නිසා ඔහු එළවාදැමීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්