Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 28:9 - Sinhala Revised Old Version

9 නුඹ දෙවි කෙනෙක් නොව නුඹට තුවාලකරන්නාගේ අතේ මනුෂ්‍යයෙක්ව සිටින නුමුත්–මම දෙවිකෙනෙක්යයි නුඹව මරාදමන්නා ඉදිරියෙහි ඇත්තටම නුඹ කියන්නෙහිද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 නුඹ දෙවි කෙනෙකු නොව, නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකු ව සිටින නමුත්, නුඹව මරාදමන්නන් ඉදිරියෙහි, ‘මම දෙවි කෙනෙක්මි’යි එවිටත් නුඹ කියා සිටින්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 නුඹ දෙවි කෙනෙකු නොව, නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකු ව සිටින නමුත්, නුඹව මරාදමන්නන් ඉදිරියෙහි, ‘මම දෙවි කෙනෙක්මි’යි එවිටත් නුඹ කියා සිටින්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 28:9
10 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි තීර්හි අධිපතියාට කියන්න: නුඹ දෙවිකෙනෙක් නොව මනුෂ්‍යයෙක් නුමුත් නුඹේ සිත උඩඟුවී–මම දෙවිකෙනෙක්මි; මුහුද මැද මම දෙවිකෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමියි නුඹ කියමින්, නුඹේ සිත දෙවිකෙනෙකුගේ සිත මෙන් සැලකුවෙහිය.


මිසරවරු දෙවියන්වහන්සේ නොව මනුෂ්‍යයෝ පමණක්ය; ඔවුන්ගේ අශ්වයෝද ආත්මය නොව මාංසයය. ස්වාමීන්වහන්සේ තමන් අත දිගුකරනවිට උපකාරකරන්නා පැකිලෙන්නේය, උපකාර ලබන්නාද වැටෙන්නේය, ඔව්හු සියල්ලෝම එක්ව නාස්තිවන්නෝය.


එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය, අධිපතීන්ගෙන් එක්කෙනෙකු මෙන් වැටෙන්නහුය.


මෙන්න, නුඹේ සහෝදරීවූ සොදොමේ වරද මෙසේය; උඩඟුකමත් කෑම පූර්ණකමත් නොසැලකිලි නිශ්චලකමත් ඈට සහ ඇගේ දූවරුන්ටත් තිබුණේය; ඈ අසරණයාගේද දිළින්දාගේද අත බලවත් නොකළාය.


ඔව්හු නුඹ මිනීවළට පමුණුවන්නෝය; මැරුම්කන අය විඳින මරණවලින් නුඹ මුහුද මැදදී මැරෙනවා ඇත.


අචර්මඡේදිතයන් විඳින මරණවලින් නුඹ විදේශීන් අතින් මැරුම්කන්නෙහිය. මක්නිසාද මම එසේ කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


ප්‍රීතිමත්ව අප්‍රවේසමෙන් වාසයකරමින්: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි සිත තුළ සිතාගත්තාවූ නුවර මේය. ඒක පාළුවක්ද මෘගයන් ලගින තැනක්ද වූ හැටි! ඒ ළඟින් යන හැම දෙනම කවටකම්කර අත සොලවනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්