Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 28:7 - Sinhala Revised Old Version

7 බලව, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශීන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ ප්‍රඥාවේ ලක්ෂණකමට විරුද්ධව තමුන්ගේ කඩු ඇද, නුඹේ දීප්තිය කිලුටුකරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 බලන්න, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශිකයන් නුඹට විරුද්ධ ව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ අපූරු ප්‍රඥාවට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද නුඹේ දීප්තිය කිළුටු කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 බලන්න, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශිකයන් නුඹට විරුද්ධ ව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ අපූරු ප්‍රඥාවට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද නුඹේ දීප්තිය කිළුටු කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 28:7
14 හුවමාරු යොමු  

ජාතීන්ගෙන් ඉතා භයානක විදේශියෝ ඔහු කපාදමා හැරගියෝය. ඔහුගේ අතු කඳු පිටත් සියලු මිටියාවත්වලත් වැටුණේය, ඔහුගේ රිකිලි දේශයේ සියලු දෙණිවල කඩණු ලැබුවේය; පොළොවේ සියලු ජනයෝද ඔහුගේ සෙවණෙන් අහක්වී, ඔහු අත්හැර ගියෝය.


නුඹේ සමූහයා බලවන්තයන්ගේ කඩුවලින් වැටෙන්ට සලස්වන්නෙමි; ඔවුන් සියල්ලෝම ජාතීන්ගෙන් ඉතා භයානක අයය. ඔවුන් මිසරයේ මහිමය නැතිකරනවා ඇත, එහි මුළු සමූහයාද නාස්තිවේ.


ජාතීන්ගෙන් ඉතා භයානක අය වන ඔහුත් ඔහු සමඟ ඔහුගේ සෙනඟත් දේශය නාස්තිකරන්ට ගෙන්වනු ලැබ, මිසරයට විරුද්ධව තමුන්ගේ කඩු ඇද, මැරුම්කන අයගෙන් ඔව්හු දේශය පුරවන්නෝය.


යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?


ඉන්පසු රාත්‍රියේ දර්ශනවලදී සතරවෙනි මෘගයෙකු දුටිමි; ඌ භයානකව බලවත්ව ඉතාම ශක්තිමත්ව සිටියේය; මහත් යකඩ දත් ඌට තිබුණේය. ඌ කාදමා පොඩිකර, ඉතිරි ඒවා උගේ පාදවලින් පෑගුවේය. ඌට පළමුවෙන් සිටි සියලු මෘගයන්ට ඌ වෙනස්ය; අං දසයක් ඌට තිබුණේය.


ඔහුගේ දීප්තිය ඔබ කෙළවරකළසේක, ඔහුගේ සිංහාසනය බිම හෙළූසේක.


එබැවින් මම ඉතා නපුරු ජාතීන් ගෙන්වන්නෙමි, ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුමකරගන්නෝය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථානද කෙලහනු ලබන්නේය.


නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟුවී තිබේ, නුඹේ දීප්තිමත්කම නිසා නුඹේ ප්‍රඥාව නරක්කරගත්තෙහිය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් විසින් නුඹ දකින පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි.


ස්වාමිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතින් මිසරයේ සමූහයා නැතිකරවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්