Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 28:15 - Sinhala Revised Old Version

15 නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම සම්බවෙන තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 28:15
13 හුවමාරු යොමු  

මක්නිසාද දේවදූතයන් පව්කළ විට දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර නෑර, විනිශ්චය පිණිස ඉතිරිකොට තැබීමට නිරයෙහි හෙළා අන්ධකාරයේ ගුහාවලට භාරදුන්සේක් නම්,


මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නුමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය, මමද මැරුණෙමි.


මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාපයක් පවත්වමින්–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔහුට කියන්න. නුඹ සම්පූර්ණකම මුද්‍රාකරන්නාව ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් සම්පූර්ණව සිටිනෙහිය.


අපේ හිසින් ඔටුන්න වැටුණේය. අපට දුක්වේ! මක්නිසාද අපි පව් කෙළෙමුව.


දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි!


මෙන්න, මෙය පමණක් මට සම්බවිය, එනම් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ඇද නැතුව මැවූසේක; නුමුත් ඔවුන් බොහෝ අමුතු උපා යොදාගත් බවය.


ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනඟකට වුවත් පාපය නින්දාවක්ය.


දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය. සවස විය, උදය විය, ඒ සවෙනි දවසක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්