Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 27:27 - Sinhala Revised Old Version

27 නුඹේ සම්පත්ද නුඹේ බඩුද නුඹේ වෙළඳාම්ද නුඹේ යාත්‍රාකාරයෝද නුඹේ නාවිකයෝද නුඹේ කැඩුම් හරිගස්සන්නෝද නුඹේ වෙළඳාමේ යෙදී සිටින්නෝද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයෝද නුඹ ඇතුළෙහි සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹේ වැටීමේ දවසේදී මුහුද මැද වැටෙන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 නුඹේ සම්පත් ද නුඹේ බඩු ද නුඹේ වෙළෙඳාම් ද නුඹේ යාන්ත්‍රිකයන් ද නුඹේ නාවිකයන් ද නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නන් ද නුඹේ වෙළෙඳාමේ යෙදී සිටින්නන් ද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයන් ද නුඹ සමඟ සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹ නුඹේ වැටීමේ දවසේ දී මුහුද මැද ගිලෙන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 නුඹේ සම්පත් ද නුඹේ බඩු ද නුඹේ වෙළෙඳාම් ද නුඹේ යාන්ත්‍රිකයන් ද නුඹේ නාවිකයන් ද නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නන් ද නුඹේ වෙළෙඳාමේ යෙදී සිටින්නන් ද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයන් ද නුඹ සමඟ සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹ නුඹේ වැටීමේ දවසේ දී මුහුද මැද ගිලෙන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 27:27
19 හුවමාරු යොමු  

උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.


දැන් නුඹ ගැඹුරු ජලවලදී මුහුදුවලින් බිඳුණු බැවින් නුඹේ වෙළඳාමද නුඹ ඇතුළෙහි සිටි නුඹේ මුළු සමූහයාද වැටුණෝය.


ඔව්හු නුඹ සමඟ ඉතා අලංකාර වස්ත්‍රද නිල් සහ විසිතුරු සළුද නොයෙක් පාට ඇති වස්ත්‍ර පිරෙවුවාවූ, ලනුවලින් බැන්දාවූ කිහිරි ලී පෙට්ටිද නුඹේ වෙළඳාම්පළෙහි වෙළඳාම්කළෝය.


ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ සියලු ආකාර උතුම් සුවඳ ද්‍රව්‍යද සියලු ආකාර අනර්ඝ ගල්ද රන්ද ගනුදෙනුකළෝය.


සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂීෂ් නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය; ඔව්හු රිදීවලින්ද යකඩවලින්ද බෙලෙක්වලින්ද ඊයම්වලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.


මම නුඹ භීතියක් කරන්නෙමි, නුඹ තවත් නොසිටින්නෙහිය. නුඹව සොයා ආවත් කිසි කලක නුඹ සම්බවෙන්නේ නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මම නුඹ මුඩු පර්වතයක් කරන්නෙමි. නුඹ වනාහි දැල් ඇතිරීම පිණිස ස්ථානයක් වන්නෙහිය; නුඹ තවත් ගොඩනගනු නොලබන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළඳාම් බඩු උදුරාගන්නවා ඇත. නුඹේ පවුරු බිඳදමා, නුඹේ ප්‍රිය ගෙවල් හෙළාදමා, නුඹේ ගල්ද ලීද පස්ද ජල මැදට දමනවා ඇත.


නුඹේ හබල්කාරයෝ නුඹ මහත් ජලවලට පැමිණෙවුවෝය. පෙරදිග සුළඟින් මුහුද මැදදී නුඹ බිඳුණාය.


නුඹේ නාවිකයන්ගේ කෑගැසීමේ ශබ්දයට අසල ස්ථාන සෙලවෙන්නේය.


ඔව්හු නුඹ මිනීවළට පමුණුවන්නෝය; මැරුම්කන අය විඳින මරණවලින් නුඹ මුහුද මැදදී මැරෙනවා ඇත.


තීර්හි සියලු රජුන්ටත් ශිදොන්හි සියලු රජුන්ටත් මුහුදෙන් එතර පළාත්වල රජුන්ටත්,


එකොළොස්වෙනි අවුරුද්දේ මාසයේ පළමුවෙනි දවසේදී ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


ස්වාමීන්වහන්සේගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම තීර්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු සහෝදර ගිවිසුම සිහි නොකර, මුළු සෙනඟ අල්ලා ඒදොම්ට පාවාදුන්නෝය.


තීර් වනාහි බලකොටුවක් ගොඩනගාගන, දූවිලි මෙන් රිදීද වීථිවල මඩ මෙන් රන්ද රැස්කරගත්තාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්