Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 27:18 - Sinhala Revised Old Version

18 නුඹේ බොහෝ කර්මාන්ත නිසාත් නුඹේ සියලු සම්පත්වල අධිකකම නිසාත් දමස්කය නුඹ සමඟ හෙල්බොන්හි මුද්‍රිකපානයද සුදු ලොම්ද වෙළඳාම් කළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 නුඹේ බොහෝ වෙළෙඳාම් නිසාත්, නුඹේ සියලු සම්පත්වල අධිකකම නිසාත් දමස්කය නුඹ සමඟ හෙල්බොන්හි මුද්‍රික පානය ද සහර්හි සුදු ලොම් ද වෙළෙඳාම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 නුඹේ බොහෝ වෙළෙඳාම් නිසාත්, නුඹේ සියලු සම්පත්වල අධිකකම නිසාත් දමස්කය නුඹ සමඟ හෙල්බොන්හි මුද්‍රික පානය ද සහර්හි සුදු ලොම් ද වෙළෙඳාම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 27:18
9 හුවමාරු යොමු  

මක්නිසාද සිරියේ ඉස නම් දමස්කයය, දමස්කයේ ඉස නම් රෙශීන්ය. තව හැටපස් අවුරුද්දකින් එප්‍රායිම් සෙනඟක්ව නොසිටින හැටියට සුනුවිසුණු කරනු ලබන්නේය.


ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය.


ආබ්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.


තවද ඔහුත් ඔහුගේ මෙහෙකරුවොත් රාත්‍රියෙහි ඔවුන්ට විරුද්ධව බෙදී, ඔවුන්ට පහරදී, දමස්කයට වම් පැත්තෙහි වූ හෝබා දක්වා ලුහුබැඳ ගොස් සියලු සම්පත් ආපසු ගෙනාවෝය.


දමස්කය ගැනය. හමාත්ද අර්පාද්ද ලජ්ජාවට පැමුණුණෝය; මක්නිසාද ඔව්හු නරක ආරංචියක් අසා දියවී ගියෝය. මුහුද පිට චංචලය ඇත්තේය; ඊට නිශ්චලවෙන්ට බැරිය.


වෙදාන්ද යාවාන්ද නුඹ සමඟ නූල් ගනුදෙනුකළෝය. තළාපු යකඩ සහ ගන්ධරසද දඬුද නුඹේ වෙළඳාම් බඩු අතරේ තිබුණේය.


නුඹේ බඩු මුහුදුවලින් පිටත්ව ගිය කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහිය; නුඹේ සම්පත්වලද වෙළඳාම්වලද අධිකකමින් නුඹ පොළොවේ රජුන් පොහොසත්කෙළෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්