Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 27:13 - Sinhala Revised Old Version

13 යාවාන්ද තූබල්ද මෙෂෙක්ද නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ මනුෂ්‍ය ප්‍රාණද පිත්තල බඩුද වෙළඳාම්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ජාවාන් ද තුබල් ද මෙෂෙක් ද නුඹේ වෙළෙඳුන් ව සිට නුඹ සමඟ වහලුන් ද ලෝකඩ භාණ්ඩ ද වෙළෙඳ බඩු මෙන් හුවමාරු කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ජාවාන් ද තුබල් ද මෙෂෙක් ද නුඹේ වෙළෙඳුන් ව සිට නුඹ සමඟ වහලුන් ද ලෝකඩ භාණ්ඩ ද වෙළෙඳ බඩු මෙන් හුවමාරු කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 27:13
17 හුවමාරු යොමු  

යඵෙත්ගේ පුත්‍රයෝනම්: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තූබල්, මෙෂෙක් සහ තීරාස්ය.


මම ඔවුන් අතරේ ලකුණක් තබා, ඔවුන්ගෙන් ගැළවීයන අය මාගේ කීර්තිය නෑසුවාවූ, මාගේ තේජස නුදුටුවාවූ දුරස්තර ද්වීපයන් වන තර්ෂිෂ්හිද පූල්හිද දුනුවායන් සිටින ලූද්හිද තුබල්හිද යාවාන්හිද සිටින ජාතීන් වෙතට යවන්නෙමි; ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස දන්වනවා ඇත.


කුරුඳුද කුළු බඩුද සුගන්ධ ද්‍රව්‍යද තෛලද කට්ටකුමංචල්ද මුද්‍රිකපානයද තෙල්ද සිහින් පිටිද ධාන්‍යද ගවයන්ද බැටළුවන්ද; අශ්වයන් සහ රථද වහලුන්ද මනුෂ්‍යයන්ගේ ප්‍රාණද යන මේවාය.


තවද මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. බලව, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධවෙමි.


යඵෙත්ගේ පුත්‍රයෝනම්: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තූබල්, මෙෂෙක් සහ තීරාස්ය.


ඔව්හු මාගේ සෙනඟ ගැන පසඇට දමා, පිරිමි ළමයෙකු වේශ්‍යාවක් නිසා දුන්නෝය, ගෑනු ළමයෙකු මුද්‍රිකපානය බොන පිණිස වික්කෝය.


එහි මෙෂෙක්ද තූබල්ද ඇගේ මුළු සමූහයාද සිටිති; ඇගේ මිනීවළවල් ඈ වටකර ඇත්තේය. ඔවුන් සියල්ලෝම අචර්මඡේදිතව කඩුවෙන් මැරුම්කෑවෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු භීතිය ඉපදෙවූවෝය.


තව රජවරු තුන්දෙනෙක් පර්සියාවෙහි නැගිටින්නෝය; සතරවෙනියා සියල්ලන්ට වඩා මහත් වස්තු සපයාගන තමාගේ වස්තුවෙන් බලවත්වූ කල්හි ග්‍රීක් රාජ්‍යයට විරුද්ධව සියල්ලන් පොලඹවන්නේය.


එවිට ඔහු: මම නුඹ ළඟට කුමකට ආයෙම්දැයි දන්නෙහිද? මම දැන් පර්සියාවේ අධිපතියා සමඟ යුද්ධකරන්ට හැරී යන්නෙමි. මා පිටත්ව ගිය කල ග්‍රීසියේ අධිපතියා එන්නේය.


රළු එළුවා ග්‍රීසියේ රජය. උගේ ඇස් අතරේ තිබෙන ලොකු අඟ පළමුවෙනි රජය.


වෙදාන්ද යාවාන්ද නුඹ සමඟ නූල් ගනුදෙනුකළෝය. තළාපු යකඩ සහ ගන්ධරසද දඬුද නුඹේ වෙළඳාම් බඩු අතරේ තිබුණේය.


යාවාන්ගේ පුත්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිවරු සහ රොදානිවරුය.


යාවාන්ගේ පුත්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම්වරු සහ දොදානිම්වරුය.


අහෝ, මෙෂෙක්හි විදේශීව සිටීමද කේදාර්හි කූඩාරම් අතරේ වාසය කිරීමද මට දුකක්ය.


සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂීෂ් නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය; ඔව්හු රිදීවලින්ද යකඩවලින්ද බෙලෙක්වලින්ද ඊයම්වලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.


තවද නුඹලා යූදා දරුවන්ද යෙරුසලමේ දරුවන්ද නුඹලාගේ සීමාවෙන් ඈත්කරන පිණිස ඔවුන් ග්‍රීක්වරුන්ගේ පුත්‍රයන්ට වික්කහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්