Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 25:5 - Sinhala Revised Old Version

5 රබ්බා ඔටුවන්ට තෘණ බිමක්ද අම්මොන් පුත්‍රයන්ගේ රට බැටළුවන් ලගින ඉඩමක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 රබ්බා ඔටුවන්ට තණ බිමක් ද අම්මොන් වැසියන්ගේ රට බැටළුවන් ලගින තැනක් ද කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 රබ්බා ඔටුවන්ට තණ බිමක් ද අම්මොන් වැසියන්ගේ රට බැටළුවන් ලගින තැනක් ද කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 25:5
18 හුවමාරු යොමු  

කඩුව අම්මොන් පුත්‍රයන්ගේ නුවරවූ රබ්බාටත් යූදාට සහ පවුරු ඇති යෙරුසලමටත් පැමිණෙන්ට මාර්ගයක් නියමකරන්න.


යෝවාබ් අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාට විරුද්ධව යුද්ධකොට රාජධානිය අල්ලාගත්තේය.


අරොයෙර්හි නුවරවල් අත්හරිනලද්දේය. ඒවා වනාහි කිසිවෙකුගෙන් භයක් නොලැබ ලගින එළු බැටළු රැළවලටය.


මෙසේ මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා, මා ස්වාමීන්වහන්සේ බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශවන්නෙමි.


මම නුඹ සදහටම පාළුවක් කරන්නෙමි, නුඹේ නුවරවලද වැසියෝ නොසිටින්නාහුය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.


මා විසින් මිසරයෙහි ගින්නක් අවුළුවා ඇගේ සියලු උදව්කාරයන් බිඳීගිය කල, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


කෙතේ සිටින ඇගේ දූවරු කඩුවෙන් මැරුම්කන්නෝය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යූදා වංශය සියලු ජාතීන් වාගේයයි මෝවබ් සහ සේයිර්ද කියන නිසා,


මෙසේ එසකියෙල් නුඹලාට සලකුණක් වන්නේය; ඔහු කළ සියල්ල ලෙස නුඹලා කරනවා ඇත. මේක පැමිණි කළ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.


එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.


මක්නිසාද මාළිගාව පාළුවී ජනගහනවූ නුවර අත්හරිනු ලබන්නේය; හෙළත් මුරකොටුවත් හැමකාලයටම ගුහාවල්ද වල් කොටළුවන්ට ප්‍රීතියක්ද රැළවලට තෘණ බිම්ද වන්නේය.


ඔව්හු සදාකල් ලජ්ජාවී තැතිගනිත්වා; එසේය, වියවුල්වී විනාශවෙත්වා.


(ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.)


එබැවින් අම්මොන් පුත්‍රයන්ගේ රබ්බාහි යුද්ධ ඝෝෂාවක් ඇසෙන්ට මා විසින් සලස්වන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඒක පාළුවූ ගොඩක් වන්නේය, ඊට අයිති ගම්ද ගින්නේ දවා දමනු ලබන්නේය. ඉශ්‍රායෙල්ද තමුන්ගේ දේශය හිමිකරගත් අයගේ දේශය හිමිකරගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි නුඹේ උත්පත්ති දේශයේදී නුඹ විනිශ්චයකරන්නෙමි.


අනිනු ලැබුවාවූ, දුෂ්ටවූ ඉශ්‍රායෙල් අධිපතිය, නුඹේ කාලය අන්තිම අයුතුකමේ කාලයෙහි පැමිණ තිබේ;


මුහුදුබඩ වනාහි එඬේරුන්ට පැල්ද බැටළු ගාල්ද ඇති පිට්ටනි වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්