Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 25:16 - Sinhala Revised Old Version

16 මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධව දිගුකොට, කෙරෙතිවරුන් සිඳදමා, මුහුදුබඩ ඉතිරිව සිටින්නන් නැතිකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධ ව දිගු කොට, කෙරෙතිවරුන් වනසාදමා, මුහුදුබඩ ඉතිරි ව සිටින්නන් නැති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධ ව දිගු කොට, කෙරෙතිවරුන් වනසාදමා, මුහුදුබඩ ඉතිරි ව සිටින්නන් නැති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 25:16
8 හුවමාරු යොමු  

අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත් යූදාට අයිති පළාතටත් කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධව යුද්ධකෙළෙමුව; ශික්ලග් ගින්නෙන් පුලුස්සා දැමීමුයයි කීවේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ඒදොම්ට විරුද්ධව මාගේ අත දිගුකොට, එතනින් මනුෂ්‍යයන්ද මෘගයන්ද සිඳදමා, තේමාන් පටන් දෙදාන් දක්වා ඒක පාළුවක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් වැටෙනවා ඇත.


මාගේ අත නුඹට විරුද්ධව දිගුකර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවාදී, ජනයන් අතරෙන් නුඹ සිඳදමා, දේශවලින් නුඹ නැතිකොට විනාශකරන්නෙමි; නුඹ මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහිය.


ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟින් පැත්තෙන් ගියෝය. සියලු කෙරෙතිවරුද සියලු පෙලෙතිවරුද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තියයන්වූ මනුෂ්‍යයන් හසියයක්ද ඔහුට පෙරටුවෙන් ගියෝය.


මිශ්‍රවූ මුළු සේනාවටත් ඌශ් දේශයේ සියලු රජවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත් අෂ්කෙලෝන්ටත් ගාසාටත් එක්‍රෝන්ටත් අෂ්දොද්හි ඉතිරි අයටත්,


මම අෂ්දොද් කෙරෙන් වැසියාද අෂ්කෙලොන් කෙරෙන් ජයකොන්තය අල්ලන්නාද සිඳදමා, මාගේ අත එක්‍රොන්ට විරුද්ධව හරවන්නෙමි, පිලිස්තිවරුන්ගෙන් ඉතිරි කොටසද විනාශවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්