Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 24:23 - Sinhala Revised Old Version

23 නුඹලාගේ තොප්පි නුඹලාගේ හිස්වලද නුඹලාගේ වහන් නුඹලාගේ පාදවලද වන්නේය. නුඹලා විලාප කියන්නේවත් අඬන්නේවත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂයවී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 24:23
14 හුවමාරු යොමු  

තවද මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න: නුඹලා කථාකොට–අපේ වරද සහ අපේ පාපද අප කෙරෙහි තිබී අප එයින් ක්ෂයවී යද්දී අප ජීවත්වන්නේ කොහොමදැයි කියා නුඹලා කියන එක හරිය.


මම යෙරුසලමේ කෑම නැමති යෂ්ටියද නැතිකරන්නෙමි. මෙසේ ඔව්හු කෑම කිරා පිරිමසාගන කන්නෝය; කනස්සලු‍කමින් වතුර මැන බොන්නෝයයි කීසේක.


නුඹලාගෙන් ඉතිරිවන අය තමුන්ගේ අපරාධ නිසාත් තමුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසාත් නුඹලාගේ සතුරන්ගේ දේශවලදී ක්ෂයවී යනවා ඇත.


අපි සියල්ලෝම වලසුන් මෙන් ගොරවමුව, කොබෙයියන් මෙන් කෙඳිරිගාමුව. අපි විනිශ්චය ගැන බලාසිටිමුව, නුමුත් එය එන්නේ නැත; ගැළවීම ගැන බලා සිටිමුව, නුමුත් එය අපෙන් දුරව තිබේ.


ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය; ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය.


ඔහුගෙන් ඉතුරු අය වසංගතයෙන් මිනීවළට පත්වන්නෝය, ඔහුගේ වැන්දඹුවෝද නොවැලපෙන්නෝය.


මමද නුඹලාට මෙසේ කරන්නෙමි: මම නුඹලා කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. නුඹලා නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද නුඹලාගේ සතුරෝ ඒවා කන්නෝය.


දාවිත් අඬ අඬා හිස වසාගන වහන් නැතුව ඔලීව කන්දට නගින පාරේ ගියේය. ඔහු සමඟ සිටි මුළු සෙනඟද තම තමුන්ගේ හිස් වසාගන අඬමින් නැගී ගියෝය.


මෝඩයෝ තමුන්ගේ අපරාධ නිසාත් අයුතුකම් නිසාත් පීඩා විඳිති.


ස්වාමීන්වහන්සේ ආමොස්ගේ පුත්‍රවූ යෙසායා ලවා කථාකරමින්: නුඹ ගොස් නුඹේ ඉඟටියෙන් ගෝණි රෙද්ද මුදා නුඹේ පාදවලින් වහන් ගළවන්නැයි කීසේක. ඔහු එසේ කොට වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දේය.


නුඹලා පහත ඉඳගන්න. මක්නිසාද නුඹලාගේ තේජවන්ත ඔටුන්න නුඹලාගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.


සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේය; මක්නිසාද මොව්හු කෙතේ අස්වැන්න නැතිකමින් පීඩිතව ක්ෂයවී යති.


මා කළාක්මෙන් නුඹලාත් කරනවා ඇත. නුඹලා තොල් වසා නොගෙන, මිනිසුන්ගේ රොටිද නොකා සිටිනවා ඇත.


ඔවුන්ගේ හිස් පට හණ තොප්පිද ඔවුන්ගේ ඉඟටිවල හණ වැසුම්ද තිබේවා; ඩහදිය හටගන්වන දෙයක් පෙරවා නොගනිත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්