Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 24:22 - Sinhala Revised Old Version

22 මා කළාක්මෙන් නුඹලාත් කරනවා ඇත. නුඹලා තොල් වසා නොගෙන, මිනිසුන්ගේ රොටිද නොකා සිටිනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මා කළාක් මෙන් නුඹලාත් කරනු ඇත. නුඹලා මුහුණ වසා නොගෙන, මළ ගෙදර දානය නොකා සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මා කළාක් මෙන් නුඹලාත් කරනු ඇත. නුඹලා මුහුණ වසා නොගෙන, මළ ගෙදර දානය නොකා සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 24:22
9 හුවමාරු යොමු  

ඔහුගේ බලවතුන්ගේ කුර ගැසීමේ ශබ්දයටත් ඔහුගේ රථවල ඝෝෂාවටත් ඔහුගේ චක්‍රවල ගිගිරීමටත් තමුන්ගේ අත් හෙළා වැටෙන බැවින් පියවරු දරුවන් දෙසට නොහැරෙන්නෝය.


ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය; ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය.


ඔහුගෙන් ඉතුරු අය වසංගතයෙන් මිනීවළට පත්වන්නෝය, ඔහුගේ වැන්දඹුවෝද නොවැලපෙන්නෝය.


කුෂ්ඨරෝගය ඇති අය තමාගේ වස්ත්‍ර ඉරාගන හිසකේ විදහාගන උඩු තොල වසාගන: අපවිත්‍රය අපවිත්‍රය කියා මොරගැසිය යුතුය.


බලව, මම නුඹලාගේ බලයේ පාරට්ටුව වූ, නුඹලාගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, නුඹලාගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; නුඹලා විසින් අත්හැර ආවාවූ නුඹලාගේ පුත්‍රයෝද නුඹලාගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය.


නුඹලාගේ තොප්පි නුඹලාගේ හිස්වලද නුඹලාගේ වහන් නුඹලාගේ පාදවලද වන්නේය. නුඹලා විලාප කියන්නේවත් අඬන්නේවත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂයවී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්