Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 24:14 - Sinhala Revised Old Version

14 ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමි. ඒක සිදුවන්නේය, මම ඒක කරන්නෙමි; මා පසුබටවෙන්නේවත් දයාවෙන්නේවත් තැවෙන්නේවත් නැත; නුඹේ මාර්ගවලද ක්‍රියාවලද හැටියට ඔව්හු නුඹ විනිශ්චයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම එය කීවෙමි; එය සිදු වන්නේ ම ය. මම එය කරන්නෙමි. මා පසුබට වන්නේ වත්, දයාව දක්වන්නේ වත් නැත; නුඹේ කල්ක්‍රියාවේ හැටියට නුඹ විනිශ්චය කරනු ලබනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙය වදාරන සේක.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම එය කීවෙමි; එය සිදු වන්නේ ම ය. මම එය කරන්නෙමි. මා පසුබට වන්නේ වත්, දයාව දක්වන්නේ වත් නැත; නුඹේ කල්ක්‍රියාවේ හැටියට නුඹ විනිශ්චය කරනු ලබනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙය වදාරන සේක.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 24:14
30 හුවමාරු යොමු  

මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.


එබැවින්, එම්බා ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා එක එකා තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චයකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. නුඹලා හැරී ඇවිත් නුඹලාගේ සියලුම වරදවලින් හැරෙන්න; එවිට අයුතුකම නුඹලාගේ පැකිලීමට කාරණයක් නොවන්නේය.


අහෝ දුෂ්ටයාට දුක් වේ! ඔහුට විපත පැමිණේ. මක්නිසාද ඔහුගේ අත්වල විපාකය ඔහුට ලැබෙන්නේය.


එබැවින් මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමියි මට කීසේක.


මාගේ ඇස නුඹ කෙරෙහි දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි. නුඹේ මාර්ග නුඹ පිටට පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල් දේ නුඹ මධ්‍යයෙහි වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


එබැවින් මා ජීවත්වෙනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: නුඹේ සියලු අශික්ෂිතකම්වලින්ද නුඹේ සියලු පිළිකුල්කම්වලින්ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකළ නිසා සැබවින්ම මමත් නුඹ අඩු බවට පමුණුවන්නෙමි; මාගේ ඇස දයාව නොපෙන්වන්නේය, මමද කරුණා නොකරන්නෙමි.


ස්වාමීන්වහන්සේ තමන්ගේ සිතේ අභිප්‍රායන් ඉෂ්ටකරන තුරුත් සම්පූර්ණකරන තුරුත් උන්වහන්සේගේ උදහස නොහැරෙන්නේය. මතු දවස්වලදී නුඹලා එය සම්පූර්ණ ලෙස තේරුම්ගන්නවා ඇත.


මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද පියවරුන් හා පුත්‍රයන්ද එකට ගසන්නෙමි; ඔවුන් විනාශ නොකරන හැටියට මා දයාවෙන්නේවත් කරුණාකරන්නේවත් අනුකම්පාකරන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.


මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය.


ඇරත් ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ බොරු නොකියනසේක, නොතැවෙනසේක. මක්නිසාද තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයයි කීවේය.


බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?


අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය.


ජාතීන් අතරට ඔවුන් පන්නාදැමීමි, ඔව්හු දේශවල විසුරුවනු ලැබුවෝය. ඔවුන්ගේ මාර්ගයේද ඔවුන්ගේ ක්‍රියාවලද ප්‍රකාරයට ඔවුන් විනිශ්චය කෙළෙමි.


ඔවුන් වෛරයෙන් නුඹ සමඟ ක්‍රියාකොට, නුඹේ වැඩේ ඵල සියල්ල හැරගෙන, නුඹ නග්නකොට හිස්කර යනවා ඇත. නුඹේ වේශ්‍යාකම්වල නග්නකමද නුඹේ සල්ලාලකමද වේශ්‍යාකම්ද ප්‍රකාශවන්නේය.


ඔවුන් නුඹට විරුද්ධව ආයුධ සහ රථද ගැල්ද ජනසමූහයක්ද ඇතුව ඇවිත්, පලිහ සහ කුඩා පලිහද යුද්ධ තොප්පියද ඇතුව නුඹට විරුද්ධව වටකරින් සිටිනවා ඇත. ඔවුන් තමුන්ගේ විනිශ්චයවල හැටියට නුඹ විනිශ්චයකරන පිණිස මම ඔවුන්ට විනිශ්චය භාරදෙන්නෙමි.


එබැවින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ උදහස් ගින්නෙන් ඔවුන් නාස්තිකරදමා ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පැමිණවීමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


නුඹේ බාල කාලය නුඹ සිහිනැතිකොට, ඒ සියල්ලෙන් මා උදහස්කළ බැවින්, බලව, මමත් නුඹේ මාර්ගය නුඹේ හිස පිටට පමුණුවන්නෙමි. නුඹද නුඹේ සියලු පිළිකුල්කම්වලට වඩා නරකවූ මේ දූෂ්‍යකම නොකරන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක.


මාගේ ඇස දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි, මම නුඹේ මාර්ග ලෙස නුඹ පිටට [දඬුවම්] පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල්කම්ද නුඹ තුළට පැමිණෙනවා ඇත; පහරදෙන්නේ ස්වාමිවූ මා බව මෙසේ නුඹලා දැනගන්නවා ඇත.


නුඹේ මාර්ගයත් නුඹේ ක්‍රියාවලුත් නිසා මේවා නුඹට පැමිණියේය; මෙය නුඹේ දුෂ්ටකමය; මක්නිසාද ඒක තික්තය, නුඹේ සිතටම වදින්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ හස්තය ලුහුඬුව තිබේද? මගේ වචනය ඉෂ්ටවේද නැද්ද කියා දැන් නුඹට පෙනේයයි කීසේක.


ඔහු දෙවියන්වහන්සේගේ හස්තය කෙරෙන් පලායන්ට හදන නුමුත්, උන්වහන්සේ ඔහුට කරුණා නොකොට ඔහු පිටට පහර එවනවා ඇත.


ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා උදහස්කෙරෙවු විට නුඹලා විපත්තියට පමුණුවන්ට අදහස්කොට මා නොතැවී සිටියාක්මෙන්ම,


නුඹ පිටට තීන්දුව දැන් පැමිණ තිබේ, මාගේ උදහස නුඹට විරුද්ධව එවා, නුඹේ මාර්ග ලෙස නුඹ විනිශ්චයකොට, නුඹේ සියලු පිළිකුල්කම් නුඹ පිටට පමුණුවන්නෙමි.


දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹ පිටට වගුරුවා, මාගේ උදහස නුඹ කෙරෙහි ඉෂ්ටකරන්නෙමි. නුඹේ මාර්ග ලෙස නුඹ විනිශ්චයකොට, නුඹේ සියලු පිළිකුල්කම් නුඹ පිටට පමුණුවන්නෙමි.


එවිට ස්වාමීන්වහන්සේවූ මා විසින් උස් ගහ පහත් කර, පහත් ගහ උසස්කළ බවත් අමුගහ වියළවා, වියළි ගහ සශ්‍රීකකර තිබෙන බවත් කෙතේ සියලු ගස් දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමි, එලෙසම කරමියි කීය.


ඒ දවසේදී නොසැලකිලි කූෂ්වරුන් භයගන්වන්ට මා ඉදිරියෙන් පණිවිඩකාරයෝ නැව්වලින් පිටත්ව යන්නෝය; එවිට මිසරයේ දවසේදී මෙන් වේදනාව ඔවුන් අතරෙහි හටගන්නවා ඇත; මක්නිසාද එය පැමිණෙන්නේමය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්