Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 23:44 - Sinhala Revised Old Version

44 එසේය, වේශ්‍යාවක් වෙතට මෙන් ඔව්හු ඈ වෙතට පැමුණුණෝය. එසේ ඒ සල්ලාල ස්ත්‍රීන්වූ ඔහොලා සහ ඔහොලීබා වෙතට ඔව්හු පැමුණුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 වේශ්‍යාවක වෙත මෙන් ඔව්හු ඈ වෙත ගියහ. එසේ ඒ සල්ලාල ස්ත්‍රීන් වන ඔහොලා සහ ඔහොලීබා වෙත ඔව්හු පැමිණියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 වේශ්‍යාවක වෙත මෙන් ඔව්හු ඈ වෙත ගියහ. එසේ ඒ සල්ලාල ස්ත්‍රීන් වන ඔහොලා සහ ඔහොලීබා වෙත ඔව්හු පැමිණියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:44
6 හුවමාරු යොමු  

එහෙත් ඒ සියලු කාරණා නිසා එනම් අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කාමමිථ්‍යාචාරය කළ නිසා මම ඈ අත්හැරදමා ඇගේ අත්හැරීම් පත්‍රය ඈට දුන් නුමුත්, ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදාත් භය නොවී ගොස් වේශ්‍යාකම් කරන බව දුටිමි.


ඔව්හු මිසරයේදී වේශ්‍යාකම් කළෝය; ඔවුන්ගේ යෞවන වයසේදී වේශ්‍යාකම්කළෝය. ඔවුන්ගේ පියයුරු එහිදී මිරිකනු ලැබීය, එහිදී ඔවුන්ගේ කන්‍යා වයසේ තනපුඩු තැළුණේය.


ඔවුන්ගේ නාම වනාහි වැඩිමහල් තැනැත්තීවූ ඔහොලා සහ ඇගේ සහෝදරීවූ ඔහොලීබාය. ඔව්හු මා සන්තකවී පුත්‍රයන්ද දූවරුන්ද බිහිකළෝය. ඔවුන්ගේ නම් මෙසේය: සමාරිය වනාහි ඔහොලාය, යෙරුසලම ඔහොලීබාය.


එවිට මම කාමමිථ්‍යාචාරකම්වලින් ක්ෂයවී සිටින ඈ වැනි තැනැත්තියක් සමඟ ඔවුන් දැන් වේශ්‍යාකම් කරනවා ඇද්දැයි ඈ ගැන කීවෙමි.


එබැවින් කාමමිථ්‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චයකරන ප්‍රකාරයටත් ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චයකරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චයකරන්නෝය. මක්නිසාද ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රියෝය, ලේ ඔවුන්ගේ අත්වල ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්