Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:36 - Sinhala Revised Old Version

36 ස්වාමීන්වහන්සේ මට තවත් කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔහොලා සහ ඔහොලීබා විනිශ්චයකරන්නෙහිද? එසේ නම් ඔවුන්ගේ පිළිකුල්කම් ඔවුන්ට දන්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 සමිඳාණන් වහන්සේ මට තවදුරට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔහොලා සහ ඔහොලීබා විනිශ්චය කරන්නෙහි ද? එසේ නම්, ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 සමිඳාණන් වහන්සේ මට තවදුරට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔහොලා සහ ඔහොලීබා විනිශ්චය කරන්නෙහි ද? එසේ නම්, ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:36
15 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්නෙහිද? ලේ වගුරුවන නුවර විනිශ්චයකරන්නෙහිද? එසේවී නම් ඇගේ සෑම පිළිකුල්කම් ඈට දන්වමින් මෙසේ කියන්න:


මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චයකරනවාද? විනිශ්චයකරනවාද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල්කම් ඔවුන්ට දන්වමින්,


මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලමට ඇගේ පිළිකුල්කම් දන්වමින්,


නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.


බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක.


නුඹලාගේ මව්ට විරුද්ධව පැමිණිලිකරන්න, පැමිණිලිකරන්න; මක්නිසාද ඈ මාගේ භාර්යාව නොවේ, මමද ඇගේ පුරුෂයා නොවෙමි. එබැවින් ඈ ඇගේ වේශ්‍යාකම් ඇගේ මුහුණෙන්ද ඇගේ කාමමිථ්‍යාචාරකම් ඇගේ පියයුරු අතරෙන්ද පහකරාවා;


ස්වාමීන්වහන්සේ මට කථාකොට: යහපත පිණිස නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න.


ඒ නිසා නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පුනොකරන්න. මක්නිසාද ඔවුන් තමුන්ගේ විපත්තිය නිසා මට යාච්ඤාකරන කාලයේදී මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.


නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.


ඔවුන්ගේ නාම වනාහි වැඩිමහල් තැනැත්තීවූ ඔහොලා සහ ඇගේ සහෝදරීවූ ඔහොලීබාය. ඔව්හු මා සන්තකවී පුත්‍රයන්ද දූවරුන්ද බිහිකළෝය. ඔවුන්ගේ නම් මෙසේය: සමාරිය වනාහි ඔහොලාය, යෙරුසලම ඔහොලීබාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්