Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:29 - Sinhala Revised Old Version

29 ඔවුන් වෛරයෙන් නුඹ සමඟ ක්‍රියාකොට, නුඹේ වැඩේ ඵල සියල්ල හැරගෙන, නුඹ නග්නකොට හිස්කර යනවා ඇත. නුඹේ වේශ්‍යාකම්වල නග්නකමද නුඹේ සල්ලාලකමද වේශ්‍යාකම්ද ප්‍රකාශවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඔවුන් නුඹ ද්වේෂ සහගත ව සලකා, නුඹ වෙහෙස මහන්සියෙන් ලත් ප්‍රතිඵල සියල්ල පැහැරගෙන, නුඹ නග්න කොට, වෙසඟනක සේ පෙනෙන්න තබා යනු ඇත. නුඹේ වේශ්‍යාකම ද නුඹේ සල්ලාලකම ද නිසා මේ දේ නුඹ පිට පැමිණ ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔවුන් නුඹ ද්වේෂ සහගත ව සලකා, නුඹ වෙහෙස මහන්සියෙන් ලත් ප්‍රතිඵල සියල්ල පැහැරගෙන, නුඹ නග්න කොට, වෙසඟනක සේ පෙනෙන්න තබා යනු ඇත. නුඹේ වේශ්‍යාකම ද නුඹේ සල්ලාලකම ද නිසා මේ දේ නුඹ පිට පැමිණ ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:29
11 හුවමාරු යොමු  

තවද මම නුඹ ඔවුන් අතට දෙන්නෙමි, ඔවුන් නුඹේ [වේශ්‍යා] මහල කඩාදමා, නුඹේ උස්තැන් හෙළාදමා, නුඹේ වස්ත්‍ර ලිහාදමා, නුඹේ අලංකාර ආභරණ රැගෙන නුඹ නිර්වස්ත්‍රකොට නග්නකරනවා ඇත.


ඈ මෙසේ ඇගේ වේශ්‍යාකම්ද නග්න භාවයද ප්‍රකාශකළ විට, මාගේ සිත ඇගේ සහෝදරී කෙරෙන් පහව ගියාක්මෙන් ඈ කෙරෙන්ද පහව ගියේය.


එවිට අම්නොන් ඉතා මහත් වෛරයකින් ඈට වෛරවුණේය; මක්නිසාද ඔහු ඈට වුණාවූ වෛරය පළමු ඈට බැන්දාවූ ආලයට වඩා මහත්ව තිබුණේය. නැගිට යන්නැයි අම්නොන් ඈට කීය.


එබැවින් මමත් නුඹේ ලජ්ජාව පෙනෙන පිණිස නුඹේ ඇඳුම නුඹේ මුහුණ පිට දැමුවෙමි.


ලේ වගුරුවන පිණිස කේලාම්කියන මනුෂ්‍යයෝ නුඹ තුළ සිටියෝය. නුඹ තුළ කඳු පිට කෑවෝය. නුඹ ඇතුළෙහි සල්ලාලකම්කළෝය.


ෂාපීර්හි වාසයකරන්නිය, නිර්වස්ත්‍රව, ලජ්ජා ඇතිව යන්න. ශයනාන්හි වසන්නී පිටතට ආවේ නැත; බෙත්-ඒශෙල්හි වැලපීම නිසා එහි පිහිට නුඹලාගෙන් පහවන්නේය.


යෙරුසලම බලවත්ලෙස පව්කළ බැවින් ඈ කිලුටක් වී සිටින්නීය. ඈට ගෞරවකළ සියල්ලෝම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළාදකිති. එසේය, ඈ සුසුම්ලා පස්සට හැරීයයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්