Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:24 - Sinhala Revised Old Version

24 ඔවුන් නුඹට විරුද්ධව ආයුධ සහ රථද ගැල්ද ජනසමූහයක්ද ඇතුව ඇවිත්, පලිහ සහ කුඩා පලිහද යුද්ධ තොප්පියද ඇතුව නුඹට විරුද්ධව වටකරින් සිටිනවා ඇත. ඔවුන් තමුන්ගේ විනිශ්චයවල හැටියට නුඹ විනිශ්චයකරන පිණිස මම ඔවුන්ට විනිශ්චය භාරදෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔවුන් නුඹට විරුද්ධ ව උතුරු දේශයෙන් ආයුධ සහ රථ ද ගැල් ද ජන සමූහයක් ද ඇති ව අවුත්, පලිහ සහ කුඩා පලිහ ද යුද හිස් වැසුම් ද ඇති ව නුඹට විරුද්ධ ව හාත්පසින් සිටිනු ඇත. ඔවුන්ගේ නීති අනුව නුඹ විනිශ්චය කරන පිණිස මම ඔවුන්ට නුඹ භාර දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔවුන් නුඹට විරුද්ධ ව උතුරු දේශයෙන් ආයුධ සහ රථ ද ගැල් ද ජන සමූහයක් ද ඇති ව අවුත්, පලිහ සහ කුඩා පලිහ ද යුද හිස් වැසුම් ද ඇති ව නුඹට විරුද්ධ ව හාත්පසින් සිටිනු ඇත. ඔවුන්ගේ නීති අනුව නුඹ විනිශ්චය කරන පිණිස මම ඔවුන්ට නුඹ භාර දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:24
12 හුවමාරු යොමු  

ඔහුගේ අශ්වයන්ගේ වැඩිකම නිසා උන්ගේ දූවිල්ලට නුඹ වැසීයනවා ඇත. කපල්ලක් කර තිබෙන නුවරකට මිනිසුන් ඇතුල්වෙන්නාක්මෙන් ඔහු නුඹේ දොරටුවලින් ඇතුල්වෙන කල, අසරුවන්ගෙත් ගැල්වලත් රථවලත් ශබ්දයට පවුරු සෙලවෙන්නේය.


එබැවින් කාමමිථ්‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චයකරන ප්‍රකාරයටත් ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චයකරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චයකරන්නෝය. මක්නිසාද ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රියෝය, ලේ ඔවුන්ගේ අත්වල ඇත්තේය.


පතීවතාව කඩකරන්නාවූ ලේ වගුරුවන්නාවූ තැනැත්තියන් විනිශ්චයකරන්නාක්මෙන් මම නුඹ විනිශ්චය කොට, උදහස හා ජ්වලිත ලේ නුඹ පිටට පමුණුවන්නෙමි.


ඔහුගේ බලවතුන්ගේ කුර ගැසීමේ ශබ්දයටත් ඔහුගේ රථවල ඝෝෂාවටත් ඔහුගේ චක්‍රවල ගිගිරීමටත් තමුන්ගේ අත් හෙළා වැටෙන බැවින් පියවරු දරුවන් දෙසට නොහැරෙන්නෝය.


දාවිත්ද: මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමීන්වහන්සේගේ අතට භාරවන්නෙමු; මක්නිසාද උන්වහන්සේගේ අනුකම්පාව මහත්ය. මනුෂ්‍යයින්ගේ අතට අසුනොවෙම්වායි ගාද්ට කීවේය.


ඔවුන් ඒ අයට දිවුරුම් දී තිබෙන නුමුත් ඒක බොරු පේනකීමක් වාගේ ඔවුන්ට පෙනේ. නුමුත් ඔවුන් අසුවෙන පිණිස ඔහු අයුතුකම සිහිකරන්නේයයි කීය.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම රජවරුන්ගේ රජ වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අසුන් සහ රථද අසරුවන් සහ සමූහයක්ද බොහෝ සෙනඟද ඇතුව උතුරෙන් තීර්ට විරුද්ධව පමුණුවන්නෙමි.


එකල ඔව්හු රජු අල්වා හමාත් දේශයේ රිබ්ලාට, බබිලෝනියේ රජු ළඟට, ගෙනගියෝය; හෙතෙම ඔහු ගැන නඩු තීන්දුව දුන්නේය.


තවද බබිලෝනියේ රජ ශෙදෙකියාගේ ඇස් අන්ධකර, ඔහුට විලංගු දමා, බබිලෝනියට ගෙනගොස්, ඔහුගේ මරණ දවස දක්වා ඔහු හිරගෙයි දමා තැබීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්