Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 22:4 - Sinhala Revised Old Version

4 නුඹ වැගිරෙවු නුඹේ ලේවලින් නුඹ වරදකාරයෙක්වී, නුඹ සෑදූ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍රවී, මෙසේ නුඹේ දවස් ළංවෙන්ට සලස්වා, නුඹේ අවුරුදුවලට නුඹ පැමින්ණෙහිය. එබැවින් මම නුඹ ජාතීන්ට නින්දාවක්ද සියලුම දේශවලට කවටකමක්ද කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 නුඹ වැගිරෙවූ ලේවලින් නුඹ වරදකාරියක වී, නුඹ නමස්කාර කළ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍ර වී සිටින බැවින්, ඒ අවසාන දවස ළං කරගෙන ඇත. එබැවින්, මම නුඹ ජාතීන්ට නින්දාවක් ද සියලු ම දේශවලට සරදමක් ද කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 නුඹ වැගිරෙවූ ලේවලින් නුඹ වරදකාරියක වී, නුඹ නමස්කාර කළ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍ර වී සිටින බැවින්, ඒ අවසාන දවස ළං කරගෙන ඇත. එබැවින්, මම නුඹ ජාතීන්ට නින්දාවක් ද සියලු ම දේශවලට සරදමක් ද කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 22:4
26 හුවමාරු යොමු  

තවද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරන ලෙස එසේ යූදාට පව්කරන්ට සැලැස්වීමෙන් ඔහු විසින් කළ පාපය හැර, ඔහු යෙරුසලම එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝකොට වැගිරවිය.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්නෙහිද? ලේ වගුරුවන නුවර විනිශ්චයකරන්නෙහිද? එසේවී නම් ඇගේ සෑම පිළිකුල්කම් ඈට දන්වමින් මෙසේ කියන්න:


නුඹේ උඩඟුකමේ දවසේදී නුඹේ සහෝදරීවූ සොදොම නුඹේ මුඛයෙන් සඳහන්කළේවත් නැත.


අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.


ස්වාමිනි, අනේ ඔබගේ සියලු ධර්මිෂ්ඨකම් ලෙස ඔබගේ උදහසත් කෝපයත් ඔබගේ ශුද්ධවූ කන්ද වන ඔබගේ නුවරවූ යෙරුසලමෙන් පහවේවා. මක්නිසාද අපේ පාප සහ අපේ පියවරුන්ගේ අපරාධ නිසා යෙරුසලම සහ ඔබගේ සෙනඟ අප වටකර සිටින සියල්ලන්ට නින්දාවක්වී තිබේ.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියා, ස්වාමිවූ දෙවියන්වහන්සේ අම්මොන් පුත්‍රයන් ගැනද ඔවුන්ගේ නින්දාකිරීම ගැනද මෙසේ කියනසේකැයි කියන්න:


නුඹලා සිඳදමනු ලබන හැටියටත්, පොළොවේ සියලු ජාතීන් අතරේ ශාප-වචනයක්ද නින්දාවක්ද වෙන හැටියටත්, නුඹලා පොරොත්තුව සිටීමට ආවාවූ මිසර දේශයේදී අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් නුඹලාගේ අත්වල ක්‍රියාවලින් කුමක් නිසා මා කෝපකරන්නහුද?


එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.


මෙසේ ඔවුන්ගේ දේශය විස්මයක්ද නිරන්තර කවටකමක්ද කරති; ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්ව තමුන්ගේ හිස් වනන්නෝය.


අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව.


මා විසින් ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින්ම පහකරදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් අහකදමා, ඒක සියලු ජාතීන් අතරේ උපමාවක්ද නින්දා පාඨයක්ද කරන්නෙමි.


මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.


මේ දේශයට ස්වාමීන්වහන්සේ මෙසේ කළේ මක්නිසාද? මේ මහත්වූ උදහසේ බලවත්කමට කාරණය කිමෙක්දැයි කියනවා ඇත.


ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි නුඹ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.


දැන් නුඹලාත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය.


මම දේශය නාස්තිකරන්නෙමි. එහි වාසය කරන නුඹලාගේ සතුරෝද ඒ ගැන විස්මයට පත්වන්නෝය.


ඈද අෂූර්හි උත්තම පුත්‍රයන්වූ ඔවුන් සියල්ලන් සමඟ වේශ්‍යාකම්කළාය. ඈ ආලයවූ සියල්ලන්ගේ සියලු රූපවලින්ද අපවිත්‍රවූවාය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ගැඹුරුව පළල්ව තිබෙන නුඹේ සහෝදරීගේ කුසලානෙන් නුඹ බොන්නෙහිය. ඒක නුඹ ගැන සිනාසීමටත් කවටකම්කිරීමටත් පුළුවන් පමණ පිරී තිබේ.


මක්නිසාද ඇගේ ලේ ඈ ඇතුළෙහි ඇත්තේය; ඈ ඒවා පස්වලින් වැසීයන්ට පොළොව පිට වගුරුවන්නේ නැතුව පස් නැති පර්වතය උඩ තැබුවාය.


ඇගේ ලේ වැසී නොයන හැටියට, පළිගන්න පිණිස කෝපය ඇවිස්සවීමට, මම ඒවා පස් නැති පර්වතය උඩ තැබීමි.


නුඹට විරුද්ධව ජාතීන්ගේ අපහාස කථා අසන්ට මම තවත් ඉඩ නොදෙන්නෙමි, ජනයන්ගේ නින්දාව නුඹ තවත් දරන්නේවත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිලවන්නේවත් නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්