Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 21:24 - Sinhala Revised Old Version

24 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ සියලුම ක්‍රියාවලින් නුඹලාගේ පාප පෙනීයාමට නුඹලාගේ වරද එළිදරව්වෙන හැටියට නුඹලාගේ අයුතුකම නුඹලා සිහිකෙරෙවු බැවින්ද නුඹලා ගැන මෙසේ සිහිවුණ බැවින්ද නුඹලා ඔවුන් අතට අසුවෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා නුඹලාගේ වැරදි සිහි කර නැත. නුඹලාගේ පාප හෙළි කර ඇත. නුඹලාගේ හැම ක්‍රියාවකින් ම නුඹලාගේ දුෂ්ටකම එළිදරව් වන බැවින් නුඹලා කවුරු දැ යි අමතක වී නැත. එබැවින් මම නුඹලාගේ සතුරන්ට නුඹලා පාවා දෙමි.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා නුඹලාගේ වැරදි සිහි කර නැත. නුඹලාගේ පාප හෙළි කර ඇත. නුඹලාගේ හැම ක්‍රියාවකින් ම නුඹලාගේ දුෂ්ටකම එළිදරව් වන බැවින් නුඹලා කවුරු දැ යි අමතක වී නැත. එබැවින් මම නුඹලාගේ සතුරන්ට නුඹලා පාවා දෙමි.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 21:24
20 හුවමාරු යොමු  

දෙස් තිබීමද බොරු කීමද මිනීමැරීමද සොරකම්කිරීමද කාමමිථ්‍යාචාරයද මිස වෙන කිසිවක් නැත; ලේ වැගිරවීම පිට ලේ වැගිරවීම වෙයි.


මක්නිසාද ඇගේ ලේ ඈ ඇතුළෙහි ඇත්තේය; ඈ ඒවා පස්වලින් වැසීයන්ට පොළොව පිට වගුරුවන්නේ නැතුව පස් නැති පර්වතය උඩ තැබුවාය.


අප පිටතට යන්නේ කොතැනටදැයි ඔවුන් නුඹෙන් ඇසූ කල්හි: වසංගතයට නියම අය වසංගතයටත්, කඩුවට නියම අය කඩුවටත්, සාගතයට නියම අය සාගතයටත්, වාල්කමට නියම අය වාල්කමටත් යනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.


ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජා වූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඔවුන්ට දඬුවම් පැමිණෙන කාලයෙහි ඔවුන් පැකිල වැටෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජාවූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනවා ඇත. මා විසින් ඔවුන්ට දඬුවම්කරන කාලයෙහි ඔව්හු පැකිල වැටෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මුඩු කඳු දෙස නුඹේ ඇස් ඔසවා, නුඹ සංවාසය නොකළේ කොතැන්හිද කියා බලන්න. කාන්තාරයෙහි අරාබියා මෙන් නුඹ ඔවුන් ගැන බලා ඉඳ, නුඹේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටකමින්ද දේශය කිලුටුකෙළෙහිය.


තවද නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ නුඹේ වස්ත්‍ර කොන්වල සම්බවිය. රහස් තැන්වල නොව මේ සියල්ල පිට එය තිබෙනවා මට සම්බවිය.


ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂිදෙයි; සොදොම මෙන් ඔව්හු තමුන්ගේ පාපය නොසඟවා ප්‍රකාශකෙරෙති. ඔවුන්ගේ ආත්මයට දුක් වේ! මක්නිසාද ඔව්හු තමුන්ටම අනතුරුකරගත්තෝය.


ඔවුන් ඒ අයට දිවුරුම් දී තිබෙන නුමුත් ඒක බොරු පේනකීමක් වාගේ ඔවුන්ට පෙනේ. නුමුත් ඔවුන් අසුවෙන පිණිස ඔහු අයුතුකම සිහිකරන්නේයයි කීය.


අනිනු ලැබුවාවූ, දුෂ්ටවූ ඉශ්‍රායෙල් අධිපතිය, නුඹේ කාලය අන්තිම අයුතුකමේ කාලයෙහි පැමිණ තිබේ;


ඔවුන් නම් බබිලෝනිවරු සහ සියලුම කල්දිවරුද පෙකොඩ්ද ෂෝවාද කෝවාද ඔවුන් සමඟ අෂූර්වරුද යන මොව්හුය. ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය, ආණ්ඩුකාරයොත් මුළාදෑනියොත්ය, ඔවුන් සියල්ලෝම අධිපතියෝය, අසුන් පිට නැගී යන්නාවූ කීර්තිමත් තැනැත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්