Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 21:21 - Sinhala Revised Old Version

21 බබිලෝනියේ රජ පේන අහන්ට මාර්ගය බෙදෙන තැන දෙමංසන්ධියේ සිට, ඊගස් සොලවා, තෙරාඵීම් රූප කරණකොටගෙන විභාගකර, අක්මාව බැලුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 බබිලෝනියේ රජ පේන අසන පිණිස මාර්ග දෙක බෙදී යන තැන දෙමංසන්ධියේ සිටිමින් ඊගස් සොලවා, තෙරාපිම් රූපවලින් විමසා, පූජා කරන ලද සතුන්ගේ අක්මාව සෝදිසි කර බැලුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 බබිලෝනියේ රජ පේන අසන පිණිස මාර්ග දෙක බෙදී යන තැන දෙමංසන්ධියේ සිටිමින් ඊගස් සොලවා, තෙරාපිම් රූපවලින් විමසා, පූජා කරන ලද සතුන්ගේ අක්මාව සෝදිසි කර බැලුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 21:21
22 හුවමාරු යොමු  

පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.


එවිට පූජකයාගේ සිත සතුටුව ඔහු ඒඵොද් සැට්ටයද තෙරඵීම් රූපද කැපූ රූපද රැගෙන සෙනඟ අතරට ගියේය.


මීකා නම්වූ මනුෂ්‍යයාට දේවාලයක් තිබුණේය, ඔහු ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද සාදා, තමාට පූජකයෙකුව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත්කෙළේය.


ඉතින් නුඹේ පියාගේ ගෙදරට යන්ට නුඹ අතිශයින් ආශා ඇති බැවින් නුඹ යන්ටම ඕනෑ නුමුත්, මාගේ දේවතාවන් සොරකම්කරගත්තේ මක්නිසාදැයි කීවේය.


එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.


අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවූවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය.


තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති.


මාගේ සෙනඟ තමුන්ගේ දණ්ඩෙන් විභාගකරති, ඔවුන්ගේ සැරයටියද ඔවුන්ට දන්වන්නේය. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් මුළාකෙරෙවුවේය, ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙන් වෙන්ව ගොස් වේශ්‍යාකම් කළෝය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.


රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.


රජුගේ මුවෙහි දිව්‍ය වාක්‍යයක් ඇත; විනිශ්චයේදී ඔහුගේ මුඛය වරද නොකරන්නේය.


තවද ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පූජකවූ හිල්කියාට සම්බවුණ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස යොෂියා ආත්මබන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේවතාරූපද පිළිමද යූදා දේශයෙහිත් යෙරුසලමෙහිත් දක්නාලද අනික් සියලු පිළිකුල්ද පහකරදැමුවේය.


මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.


ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද නුඹලා ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? නුඹට වෙලා තිබෙන්නේ මොකද කියා නුඹලා මාගෙන් අසන්නේ කොහොමදැයි කීවේය.


මොවුන් මීකාගේ ගෙට ඇතුල්ව කැපූ රූපයද ඒඵොද් සැට්ටයද තෙරව්ම් රූපද වාත්තු පිළිමයද පිටත ගෙනා විට පූජකයා: නුඹලා මක්කරනවාදැයි ඔවුන්ට කීය.


එවිට ලායිෂ් රට සෝදිසිකරන්ට ගිය පස්දෙන තමුන්ගේ සහෝදරයන්ට කථාකොට: මේ ගෙවල්හි ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද තිබෙන බව නුඹලා දන්නවාද? ඉතින් දැන් නුඹලා විසින් කළ යුතු දේ කල්පනාකරන්නැයි කීවෝය.


තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,


කාන්තාරය ඉදිරිපිට පෙනෙන පෙයෝර් මුදුනට බාලාම් ගෙනගියේය.


සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍රකීමක්වත් ඉශ්‍රායෙල්ට විරුද්ධව පේනකීමක්වත් නැත. දැනුදු යාකොබ් සහ ඉශ්‍රායෙල් ගැන: දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ටකර තිබේද! කියා කියනු ලැබේ.


මෝවබ්හි වැඩිමහල්ලෝද මිදියන්හි වැඩිමහල්ලෝද පේන කීමට දෙන තෑගි අතේ ඇතුව පිටත්ව බාලාම් වෙතට පැමිණ බාලාක්ගේ වචන ඔහුට කීවෝය.


ඒ නිසා නුඹලා මංසන්ධිවලට ගොස් සම්බවෙන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැයි කීවේය.


රට සෝදිසිකරන්ට ගිය පස්දෙන නැගී ගොස් එහි ඇතුල්ව කැපූ රූපයද ඒඵොද් සැට්ටයද තෙරඵීම් රූපද වාත්තු පිළිමයද ගත්තෝය. පූජකයා සහ යුද්ධායුධ පැළඳගත් මනුෂ්‍යයන් හසියය දොරකඩ ළඟ සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්