Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 21:20 - Sinhala Revised Old Version

20 කඩුව අම්මොන් පුත්‍රයන්ගේ නුවරවූ රබ්බාටත් යූදාට සහ පවුරු ඇති යෙරුසලමටත් පැමිණෙන්ට මාර්ගයක් නියමකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 කඩුව අම්මොන්වරුන්ගේ නුවර වූ රබ්බාටත්, ජුදාට සහ පවුරෙන් වට වූ ජෙරුසලමටත් පැමිණෙන පිණිස මාර්ගයක් නියම කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 කඩුව අම්මොන්වරුන්ගේ නුවර වූ රබ්බාටත්, ජුදාට සහ පවුරෙන් වට වූ ජෙරුසලමටත් පැමිණෙන පිණිස මාර්ගයක් නියම කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 21:20
13 හුවමාරු යොමු  

ඒ නිසා යුද්ධ දවසේ ඝෝෂාවද සුළිහුළං දවසේ කුණාටුවද ඇතුව, රබ්බාහි මාළිගාව විනාශකරන ගින්නක් එහි පවුර පිට අවුළුවන්නෙමි.


එබැවින් අම්මොන් පුත්‍රයන්ගේ රබ්බාහි යුද්ධ ඝෝෂාවක් ඇසෙන්ට මා විසින් සලස්වන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඒක පාළුවූ ගොඩක් වන්නේය, ඊට අයිති ගම්ද ගින්නේ දවා දමනු ලබන්නේය. ඉශ්‍රායෙල්ද තමුන්ගේ දේශය හිමිකරගත් අයගේ දේශය හිමිකරගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


රබ්බා ඔටුවන්ට තෘණ බිමක්ද අම්මොන් පුත්‍රයන්ගේ රට බැටළුවන් ලගින ඉඩමක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


(ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.)


පොළොවේ රජවරුද ලෝකයේ සියලු වැසියෝද එදිරිකාරයා සහ සතුරා යෙරුසලමේ දොරටුවලට ඇතුල්වන්නේයයි විශ්වාස නොකළෝය.


යෙරුසලමේද ගෙවල් ගණන්කොට පවුර සවිකරන පිණිස ගෙවල් බිඳ හෙළූය.


මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය–දොරටුවෙන් ඇතුල්වන තැන දක්වා ඕපෙල් වටේට ඉතා උසට පවුරක් ගොඩනගා, යූදාහි පවුරු ඇති සියලු නුවරවල සේනාපතීන් සිටෙවුවේය.


ඔහු ධෛර්ය උපදවාගෙන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැගුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනගා, දාවිත්ගේ නුවර තිබුණ මිල්ලෝ සවිකර, බොහෝ ආයුධ හා පලිස් සෑදුවේය.


තවද උස්සියා යෙරුසලමේ කොනේ දොරටුව උඩද මිටියාවතේ දොරටුව උඩද පවුරු මුළුවලද මුරකොටු ගොඩනගා ඒවා සවිකෙළේය.


යෝවාබ් අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාට විරුද්ධව යුද්ධකොට රාජධානිය අල්ලාගත්තේය.


දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය, ඊට දාවිත්ගේ නුවරයයි නම් කෙළේය. දාවිත් මිල්ලෝ පටන් වටකරින්ද ඇතුළතින්ද ගොඩනැගුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්